gossip lanka

"එදා ඒ අවාසනාවන්ත මූසල “අවසන් ගමන”... - අප්පච්චිගේ මතකයෙන් සංවේදී වුණු මාධවී

මේ දවස්වල බහුතරයක් දෙනා අතර ජනප්‍රියම මාතෘකාවක් තමයි නව පරපුරේ නැගීම රංගන ශිල්පිනියක් වුණොත් මාදවී වත්සලා ඇන්තනී.

ඇය ජීවිතයේ ඇයට තිබුණු නොයෙකුත් අභියෝගතා සියල්ල මැද නැවත වතාවක් විවාහ වුණා.ආදරය විවාහය කියන තැනදී මාධවීට හැමදාමත් ලැබුණේ ඒ තරම් මිහිරි අත්දැකීම් නෙවෙයි.

එනිසාම  ඇය ආයෙමත් සැරයක් ආදරණීය චරිතයකට ආදරය කරන්න පටන් ගත්තා.

ඔහු නව පරපුරේ දක්ෂ ගී පද රචකයෙක් වෙන කසුන් මහේන්ද්‍ර හීනටිගල.

මාධවී සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කාසු කරලා.

සටහන අප්පච්චි ගැන.

‘‘එදා අප්පච්චි අවාසනාවන්ත ලෙස අනතුරට ලක් වුනේ අද වගේ කළු දවසක. (ජූලි 2).අප්පච්චිගෙ අන්තිම සිනමා මතක අතර සීරුවෙන් චිත්‍රපටය වෙනුවෙන් ඇඟ හදපු කෑම පාලනය කරපු හැටි විශේෂයි.”කොහොමද පුතා මම කොල්ලා වගේ නේද?” මගෙන් ඇහුව හැටි තාම ඇහෙනවා වගේ…එදා ඒ අවාසනාවන්ත මූසල “අවසන් ගමන” නොයන්න මගෙ අප්පච්චි අදත් කොල්ලා වගේ ඉන්නවා!”
gossip lanka