gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙඩි වැදුනු කේ.සුජීවාට දීර්ඝ සැත්කමක්... කකුල නොකපා නූලෙන් බේරයි

අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමෙන් මෙම බරපතල තුවාල ලැබූ ජනප්‍රිය ගායිකා කේ සුජීවා පැය කිහිපයක ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.

ඇය හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව තත්ත්වය බරපතළ වීම මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.

එහිදී ඇයගේ කලවා ප්‍රදේශයට මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.

දීර්ඝ ශල්‍ය කර්මයෙන් පසු ඇයගේ පාදය කපා දැමීමකින් තොරව බේරා ගැනීමට හැකිව තිබේ.

ජාතික රෝහලින් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කලේ ශල්‍ය කර්මයෙන් පසුව ඇය මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇති බවයි.

කෙසේ නමුත් ඇයට සාමාන්‍ය පරිදි ඇවිදීමට ටික කලක් ගතවනු ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka