gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මට සිහිය ඇවිත් බලන විට අපේ අයගෙන් කිහිපදෙනෙක් බෝට්ටුවේ වේදනාවෙන් පසුවන බව දැක්කා. මෙහෙම දෙයක් අපිට වෙයි කියලා අපි හිතුවේ නැහැ.." ‘DEVON 5ʼ යාත්‍රාවේ සිට දිවි බේරාගත් එකම ධීවරයා පොලිසිය හමුවේ සියල්ල හෙළිකරයි

ඩෙවොන් 05 බහුදින ධීවර යාත්‍රාවේ සිට දිවි බේරාගත් ධීවරයා රැගත් නාවික හමුදාවේ විජයබාහු නෞකාව හම්බන්තොට වරාය වෙත ඊයේ පැමිණ තිබෙනවා..

අනතුරුව එම ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ...

අම්බලන්තොට, පල්ලිකුඩාව, බෙලිඅත්ත, මාතර ප්‍රදේශවල පදිංචි ධීවරයින් 6 දෙනෙකු තංගල්ල ධීවර වරායෙන් මුහුදුගොස් තිබුණේ පසුගිය 4 වනදායි..

ඔවුන් තංගල්ල වෙරළට නාවික සැතපුම් 350ක දුරකදී මුහුදු ජලයේ පාවෙමින් තිබූ බෝතලයක් දැක එය රැගෙන මත්පැන් යැයි සිතා පානය කිරීම හේතුවෙන් පස්දෙනෙකු මියගිය අතර, අසාධ්‍ය තත්වයේ පසුවූ තවත් පුද්ගලයෙකු සිංගප්පූරු වෙළඳ නෞකාවකට භාරදීමෙන් අනතුරුව නාවික හමුදාවට අයත විජයබාහු නෞකාවෙන් හම්බන්තොට වරායට ගෙනවිත් තිබුණා..

කෙසේ වෙතත් එම බිහිසුනු අත්දැකිමෙන් දිවි බේරා ගත් ඔහු කියූවේ මේ වගේ කතාවක්..

"බීපු ගමන්ම කලන්තය හැදුණා... මම බීම නැවැත්තුවා... අනිත් අය බීවා.. මම බීම නැවැත්තුවත් අනිත් අය එකතු වී එහි තිබූ බීම කිහිප අවස්ථාවක් පානය කළා... අන්තිමේදී ඒ ගොල්ලෝ වමනය කරන්න පටන් ගත්තා... මට සිහිය ඇවිත් බලන විට අපේ අයගෙන් කිහිපදෙනෙක් බෝට්ටුවේ වේදනාවෙන් පසුවන බව දැක්කා.. මෙහෙම දෙයක් අපිට වෙයි කියලා අපි හිතුවේ නැහැ.." යැයි ‘DEVON 5ʼ යාත්‍රාවේ සිට දිවි බේරාගත් එකම ධීවරයා හම්බන්තොට වරාය පොලිසියට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබුණා...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka