gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''මට සීරීමක්වත් නොකර මාව පරිස්සම් කළා මගේ සුදු මැණික...'' - ජනප්‍රිය නිළි චතූ රාජපක්ෂගෙන් විශේෂම කෙනෙක් ගැන සටහනක්!

කෙනෙක්ගෙ පළවෙනි වාහනේ කියන්නෙ, එයාගෙ ජීවිතේ 'සුවිශේෂීම මතකයක්'

හරියට ජීවිතේට මුණගැහුණු අමතක කළ නොහැකි මිතුරු හමුවක් වගේ.

එතනින් එහාට අලුත් අලුත් වාහන ගත්තාට, තෑගි ලැබුණාට අර පළවෙනි වාහනය එක්ක තියෙන මතක හැමදාටම එහෙමමයි.

ජනප්‍රිය නිළි චතූ රාජපක්ෂත් තමන්ගෙ පළවෙනි වාහනය ගැන ආදරණීය මතක ආවර්ජනයක් කරලා තිබුණා.

ඒ, ඊට 'Good bye' කියනගමන්. ඇය මේ මතක ආවර්ජනය කරලා තිබුණෙ ඡායාරූප එකතුවක් ද එක්කාසු කරමිනුයි...

''මගේ සුදු මැණික....

මට අද වගේ මතකයි ඔයාව මට හම්බවුන දවස.. 29.03.2021

යාළුවොත් එක්ක ගෝල්ෆේස් එකේ ඉන්නකොට තමයි චූටි මට ඔයාව ගෙනල්ලා දුන්නේ මගේ Birthday එකට..හරි ලස්සන දවසක් ඒක.

birthday එකටත් කලින් මට ඔයාට හම්බවුනේ.. මගේ ජීවිතේට එදා තමයි ලොකුම තෑග්ග හම්බවුනේ..

දන්නෙම නැතුව අවුරුදු 3ක් ගිහින්..

මං ගියපු තැන්,මං හිනාවුන හැටි, මං අඩපුහැටි,මං තරහින් හිටපු හැටි, මං කෑගහ ගහ හිනාවුන හැටි හැමදේම දන්නේ ඔයා..

මට සීරීමක්වත් නොකර මාව පරිස්සම් කලා මගේ සුදු මැණික..

දුකින් වුනත් අද මං ඔයාව වෙන කෙනෙක්ට දෙනවා. මං වගේම එයාලවත් පරිස්සමින් බලාගන්න..

තව අවුරුදු ගානක් ගියත් මට මේ ලස්සන මතක, ඒ වගේම මගේ පලවෙනි වාහනේ බලන්න ඕනි නිසා මං මේ ලස්සන ෆොටෝස් ටික තියාගන්නවා..

Good bye මගේ සුදු මැණික....''
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka