gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“පියුමි කියන්නේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්… ඉතින් ඒ දරුවා සමාජයට පාසලට මුහුණ දෙන්න ඕන…” – චන්දිමාල්

මුදල් විශුද්ධිකරණ චෝදනා නිසා පසුගිය දිනවල ආන්දෝලනයක් ඇතිවූ පියුමි හංසමාලි පිළිබඳව ඇය සම්බන්ධිත නිරූපණ ක්ෂෙත්‍රයේ ළඟම හිතවතෙකු වන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පසුගිය දිනෙක පැවති උත්සව අවස්ථාවක් අතරතුර මාධ්‍ය වෙත මෙසේ අදහස් දක්වා තිබෙනවා.

“මිනිස්සු මේ වෙද්දි නඩු අහන්නත් ඉස්සෙල්ලා පියුමිව වැරදි කාරයෙක් කරලා ඉවරයි. මම ඒකට අකමැතියි. මොකද පියුමි කියන්නේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඉතින් ඒ දරුවා සමාජයට පාසලට මුහුණ දෙන්න ඕන. පියුමිගෙ අම්මාත් වයසක කෙනෙක් එයාට කොච්චර දුකක් ඇතිද.. පියුමි බිස්නස් කරගන්න ඕන. සමාජය එයාට මානසික පීඩනයක් කරනවට වැඩිය ලංකාවෙ මෙහෙම ප්‍රධාන ප්‍රවෘත්තිය කරගන්න ඕනද. ලංකාවෙ එහා පැත්තෙ ගෙදර කෙනා දියුනුවනවට ඉරිසියා රටක්. මේ රටේ දේශපාලකයන්ට විතරද දියුනු වෙලා ඉන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට හරි විදිහට හම්බ කරල සතුටින් ඉන්න බැරිද.

මේ හැම ප්‍රශ්නෙම එන්නෙ මධ්‍යම පාන්තික අයට. ඒ ප්‍රශ්නය මටත් ආවා 2016 රෝයල් පාටිය වෙලාවෙ.ඒ දේවල් වලට මං තනියෙන් මුහුණු දුන්නා.කළු සල්ලි සුදු කරනවා. කුඩු විකුණනවා අමතරව මට ඒකාලෙ කියල තියනවා නිධන් හාරනවා කියලා. එහෙම දේවල් මං දැකලවත් නැහැ. මං දුප්පත් තැනකින් ආවේ අපි ඉංග්‍රීසි කතාකරන ඉහළ පැලැන්තිය නිසා නෙමේද මේ ප්‍රශ්න කියල හිතුනා. අපටත් ඕන වුනේ එතැනට යන්න. ඉරිසියා කරකර ඉන්නෙ නැතිව ගමනක් යන්න දෙන්න. මේ අයට වෘත්තියේ නියැළෙන්න ඉඩ හරින්න. මේ රටේ හොඳම ස්පිරිට් එකත් දැන් පිටරට ඉන්නෙ මෙහෙම දේවල් නිසා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka