gossip lanka

කැලෑව බලන්න ගිය හයහතර නොතේරෙන අවුරුදු හතරේ දරුවා අතරමං වී මුලු රැයක්ම කැලෑව ඇතුළේ!

නොර්වුඩ් ඩන්කන් වතුයායේදි පෙරේදා  (17) දින රාත්‍රියේ අතුරුදහන් වූ සිව් හැවිරිදි  දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි ඊයේ සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියංකර කොහොල්දෙණිය මහතා පවසයි

මෙසේ අතුරුදහන් වි සිටියදි සොයාගනු ලැබුවේ නල්ලතන්නිය ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචිව සිටි සිවනාදන් අභිලාෂ් නැමති දරුවයි.

සිය මව්පියන් සමග නොර්වුඩ් ඩන්කන් ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක  පැවති විවාහ උත්සවයකට දරුවා පැමිණ ඇති බවත්, එම දරුවා (18) දින රාත්‍රියේ නිවසට ආසන්නයේ පිහිටි ළදු කැළැව වෙත ගොස් ඇති බවත්, පසුව ළදු කැළැව තුලදි දරුවාට ආපසු නිවසට ඒමට මාර්ගය සොයා ගැනිමට නොහැකිව ළදු කැළැව තුල අතරමංවි සිට ඇති බවට සිදු කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය විය.

දරුවා අතුරුදහන් විම සම්බන්ධයෙන් දරුවාගේ මව්පියන් සහ ඥාතින් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් පසු නොර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ එම වතුයායේ වතු කම්කරුවන් එක් (18) දින උදැසන සිට සිදු කළ සොදිසි මෙහෙයුමකදි දරුවා සොයා ගැනිමට හැකි වූ බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවැසීය.

කතාව සහ ඡායාරූප ලංකාදීපයෙනි.
gossip lanka