gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"කොච්චර පිරිමි හිටියත් ඒ කවුරුත් ආවේ නැහැ.." තම දිවි නොතකා අසල්වැසි පවුලම බේරාගත් හංවැල්ලේ දිරිය දියණියගේ කතාව මෙන්න (VIDEO)

ඇය ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ ගොඩක් ආඩම්බරයෙන්..

ඇය කළ ඒ නිර්භීත ක්‍රියාව ඇත්තටම පැසසිය යුත්තක්.. 

හංවැල්ල වග ඉරිදා පොළ ප්‍රදේශයටද මෙවර දැඩි ගංවතුර තත්ත්වයක් හදිසියේ හටගත්තේ වසර ගණනාවකට පසුවයි..

එම ගංවතුරට හසුව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි පවුලක් මුදාගත් 17 හැවිරිදි කුඩා දැරියකගේ නිර්භීත උත්සහයක් පිළිබඳව අපට වාර්තාවුණා..

ඇය පසුගිය ඉරිදා රාත්‍රියේ පුද්ගලයින් සිව්දෙනෙකුගේ දිවි බේරා ගැනීමට කටයුතු කළේ තම දිවිය පවා දෙවැනි කොට සලකමින්..

අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශ දැඩි ගංවතුර තත්ත්වයකට මුහුණ දුන් අතර හංවැල්ල වග ඉරිදා පොළ ප්‍ර දේශයේ ජනතාවත් මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පත්වුණේ දැඩි අපහසුතාවකටයි..

එම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ඩික්සන් මධුරංගද සිය පවුලේ සාමාජිකයින් සමග එම අත්දැකීමට මුහුණ දුන්නේ අනපේක්ෂිත අයුරින්..

ගංවතුර වේගයෙන් ඉහළ යද්දී මධුරංග සිය දියණිය සහ පුත්‍රයා නිවසින් පිටතට ගෙන යාමට පියවර ගත්තත් එය පහසු වුණේ නැහැ..

ඒ නිවස වටා ප්‍රදේශය අඩි 4ක් පමණ ගංවතුරින් යටව තිබූ නිසාවෙන්..

ඒ අනුව මධුරංග සිය දරුවන් දෙදෙනා ද රැගෙන නිවසින් පිටතට පිහිනා ගොස් දරුවන් දෙදෙනා සුරක්ෂිතව තබා නැවතත් සිය නිවස තුළට පිහිනා යන්නේ සිය බිරිඳ පිටතට රැගෙන ඒම සඳහායි..

නිවසින් පිටත සිටි ඔවුන්ගේ දරුවන් ද උදව් ඉල්ලා කෑගසා ඇති අතර එම නිවස ඉදිරිපිට පිහිටි නිවසේ ජීවත්වන චරිත්මා සහ ඇගේ පවුලේ උදවියට එම ශබ්දය ඇසී තිබුණා..

වහාම ක්‍රියාත්මක වූ චරිත්මා අඩි 6ක් පමණ යටව තිබූ එම නිවස දෙසට පිහිනා ගියේ තම ජීවිතය ගැන පවා නොතකමින්..

මධුරංග සහ බිරිඳත් කුඩා දරු දෙදෙනාත් චරිත්මාගේ ඇස ගැටෙන්නේ ඒ අනුවයි..

වහාම නිවස අසළට පිහිනා ගිය චරිත්මා අසළ තිබූ බටයක් උළුවස්සේ එල්ලී සිටින මධුරංග සහ ඇගේ බිරිඳ දෙසට දිගු කළද හම උත්සහය සාර්ථක වූයේ නැහැ..

අනතුරුව ඇය නිවස අසළ තාප්පය මත සිටි මධුරංග ගේ දරුවන් දෙදෙනාවද ආරක්ෂිතව මව්පියන් සිටි ස්ථානය වෙත රැගෙන යාමටද කටුයුතු කළා..

තවමත් 17 හැවිරිදි චරිත්මා ජිනේන්ද්‍රි පානදුර සිරි පියරතන විද්‍යලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්..

ඇගේ මව සහ පියා කොළඹ රැකියා කටයුතු වල නිරත වන බැවින් ඇය දිවි ගෙවන්නේ ආච්චි, සීයා සහ සහෝදරයා සමඟයි..

සිය දිවිය ගැන පවා නොතකා මිනිස් ජීවිත 4ක වටිනාකම වෙනුවෙන් කැපවුනත් චරිත්මාට ද ගංවතුර සැහැසි වී තිබුණේ ඇය සතුව තිබූ සියලු පොත්පත්, සහතික පත් සියල්ල ඇයට අහිමි කරමින්..

එ සියළු අහිමි විම් මැද පවා පුංචි චරිත්මා සිනාමුසු මුහුණින් මෙලෙස පසු වන්නේ අහිමි වූ සියල්ලට වඩා තමන් මැදිහත් වී බේරාගත් ජීවිතවල වටිනාකම පිළිබඳව වටිනා පණිවුඩයක් ලබාදෙමින්..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka