gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවට ඈත බලාපොරොත්තුවක් දී දකුණු අප්‍රිකානුවෝ සටන දිනයි: ශ්‍රී ලංකාවේ 'සුපර් 08' බලාපොරොත්තුව තාමත් ප්‍රාතිහාර්යක්!

බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ලකුණු 4ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (10) සමත් වුණා. ‌

මෙහිදී දකුණු අප්‍රිකාණු කණ්ඩායම ලබා දුන් ලකුණු 114ක ඉලක්කයට පිලිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුලදී කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 109ක් පමණි.

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය අවසන් පන්දුවාරය දක්වා දිගහැරුනු අතර, එහිදී බංග්ලාදේශයට ලකුණු 11ක ඉලක්කයක් ඉතිරිව තිබුණා.

දකුණු අප්‍රිකාව ලැබූ මෙම ජයග්‍රහනයත් සමග ශ්‍රී ලංකාවට තව දුරටත් තරගාවලියේ රැඳි සිටීමේ ඈත බලාපොරොත්තුවක් ලැබුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරියේදී පැවැත්වීමට නියමිත නේපාල හා නෙදර්ලන්ත තරග 2ක විශිෂ්ඨ ලෙස ජය ගත යුතුව තිබෙනවා.

කෙසේ නමුත් එය සාර්ථක වන්නට නම්, බංග්ලාදේශ කණ්ඩායම ඔවුන්ට ක්‍රීඩා කිරීමට ඇති නෙදර්ලන්ත හා නේපාල තරග ද්විත්වයෙන් එකක් හෝ අනිවාර්යයෙන්ම පරාජය විය යුතුව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka