gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුව බලන්න ඕස්ට්‍රෙලියාවට ගිය මවට දුර්ලභ වණ රෝගයක් හැදී අතක් කපලා!

ඕස්ට්‍රෙලියාවේ මෙල්බන් නුවර වාසය කරන සිය දියණියගේ සුවදුක් බැලීම සඳහා පසුගිය ජනවාරි මාසයේ මෙරට සිට ගිය 74 හැවිරිදි මවකට එහිදී දුර්ලභ වණ රෝගයක් ආසාදනය වීම නිසා වම් අත කපා දමන්නට සිදුවූ පුවත් එරට පළවන ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබේ.

'සිරුරේ මස් නරක් වන" බැක්ටීරියා ආසාදනයක් ලෙස හඳුන්වා ඇති Buruli ulcer නම් දුර්ලභ රෝගයකින් මෙම මව පීඩාවට පත්වූ බව පැවසේ.

කාමෙල් රොද්‍රිගෝ නමැති ඇය මෙල්බර්න් රෝහලක සති 3 ක පමණ කාලයක් නැවතී ප්‍රතිකාර ගන්නට යොමුවූ අතර රෝගය ඇතිවූ ආකාරය ගයාත්‍රී පෙරේරා නමැති දියණිය පුවත්පතට මෙසේ පවසා තිබුණි.

අම්මා පහුගිය ජනවාරියේ අපව බලන්න ආවේ ‍මුල් දවස්වල අපි එහේ මෙහේ ගිහින් විනෝද වුණා. කෙසේ වෙතත්, දැඩි වේදනාවක් ඇගේ අතෙන් මතුවුණා.

තත්වය එන්න එන්න දරුණු වුණා. වේදනාව දරාගත නොහැකි ව ඇය කෑගැසුවා. ඇගේ අත ඉදිමී මඳක් නිල් පැහැ තත්වයට ආවා. වහා රෝහල් ගත කරා. ඉන් පසු අතේ හිරිවැටීමක් තියෙන බව පෙන්නුම් කළා.

මවගේ ආසාදනය කුමන ආකාරයේ එකක්දැයි හඳුනාගන්නට අපහසු මට්ටමක තිබුනේ.

පැතිරීම ඇත්තෙන්ම වේගවත් වුණා. ඇයට දිවි ගලවා ගැනීමට ඇත්තේ සියයට 10ක සම්භාවිතාවක් නිසා යාඥා කරන ලෙස මට කීවා.

ඇය වාට්ටුවේ සන්සුන්ව සිටියත් වෛද්‍යවරයාගේ අදහස වූයේ ඇය හොඳ සිහියෙන් සිටියේ නම් ඇගේ වේදනාව 'ඉවසිය නොහැකි' බවයි.

මේ ගැන වෛද්‍යවරු ගණනාවක් පරීක්ෂා කළා පසුව  Buruli Ulcers නම් දුර්ලභ මස් කන බැක්ටීරියාවක් ඇයට ආසාදනය වී ඇති බවත් එය වර්ධනය වෙමින් පවතින්නක් බවත් පැවසුවා. අවසානයේ ඇගේ වම් අත කපන්න සිද්ධ වුණා"

"බුරුලි වණ "යනු සමට සහ මෘදු පටක වලට හානි කරන ආසාදනයක් බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

මදුරුවන් වාහකයන් ලෙස ක්‍රියා කරන අතර අනෙකුත් සතුන් ද රෝගය සම්ප්‍රේෂණය කරයි.

රොද්‍රිගෝ මහත්මියට ආසාදනය වූයේ කෙසේද යන්න අපැහැදිලි වුවත්, පෙරේරා මහත්මියට කළ හැක්කේ ඇගේ මව සුව වන තුරු බලා සිටීමයි.

ඇගේ මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ සිටියදී ගයත්‍රි සහ ඇගේ පවුලේ අය මවගේ වෛද්‍ය බිල්පත් ගෙවීමට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන්හ. ඔවුන්‍ට මූල්‍ය උපකාර කිරීම සඳහා ඔවුන් GoFundMe පිටුවක්ද පිහිටුවා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka