gossip lanka

29 හැවිරිදි ගුරුවරියක හා පෙමින් බැඳුන 34 හැවිරිදි කාන්තාවක්...දෙදෙනාම ස්වාමිපුරුෂයනුත් එපා කියලා

මේක මහ අරුම පුදුම ප්‍රේම කතාවක්.

ස්වාමිපුරුෂයන් සහ දරුවන් අතහැර දමමින් මහනුවර හෝටලයක නැවතී සිටි විවාහක කාන්තාවන් දෙදෙනෙකු ආපසු රැගෙන යාම සඳහා එම කාන්තාවන් දෙදෙනාගේ ස්වාමිපුරුෂයන් දෙදෙනා හා දරුවන් පැමිණිම හේතුවෙන් මහනුවර මූලස්ථානයේ උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ එම කාන්තාවන් වෙන්වීමට අකමැති වීම හේතුවෙන්.

වත්තල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් කඳාන ප්‍රදේශයේ පාසලකට තම දරුවා ඇරලවීම සදහා කාලයක සිට ගොස් ඇති අතර එහිදි එම පාසලේ 29 හැවිරිදි ගුරුවරියක හදුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවටයි විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

කුඩා දරුවන් ඇති දෙදරු මව්වුරුන් වූ මෙම දෙදෙනා මීට මාසයකට පමණ ඉහතදී තම නිවාසවලින් අතුරුදන්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් වත්තල සහ කඳාන පොලීසිවලට පැමිණිලි කර ඇති අතර එම කාන්තාවන් දෙදෙනාගේ ඡයාරූපද දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට ලබා දී ඇති බවයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ.

පසුව මෙම කාන්තාවන් දෙදෙනා සවස් වරුවේ ශ්‍රී දළඳා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා පැමිණි කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු දළදා මාලිගාවේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකු විසින් සමීපව නිරීක්ෂණය කර ඇති අතර පසුව ඇගෙන් සිදුකල ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔවුන් දෙදෙනා පොලිස් භාරයට ගෙනඇති බවයි පොලිසිය හිරු පුවත් අංශයට සඳහන් කළේ.

කාන්තාවන් දෙදෙනා මහනුවර මූලස්ථාන පොලීසියට බාර දීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර පසුව ඔවුන් දෙදෙනා වත්තල සහ කඳාන ප්‍රදේශවලින් අතුරුදන් වූ කාන්තාවන් බවට හඳුනාගෙන තිබෙනවා.

පසුව වත්තල සහ කඳාන පොලීසිය මේ සම්බන්ධව දැනුවනත් කර ඔවුන් මාර්ගයෙන් අදාල ස්වාමිපුරුෂයන් දැනුවත් කර ඇති අතර පසුව අදාල ස්වාමිපුරුශයන් ඔවුන්ගේ දරුවන්ද සමග මහනුවර පොලිසිය වෙත පැමිණ ඇත්තේ තම භාර්යාවන් රැගෙන යාම සඳහායි.

කෙසේ නමුත් එම කාන්තාවන් දෙදෙනා තම ස්වාමිපුරුශයන් සහ දරුවන් සමග නැවත යාම ප්‍රතික්ෂේප කරමින් තමන් දෙදෙනා වෙන් නොකරන ලෙස මහ හඬින් විලාප තබමින් කෑ ගැසීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට මහනුවර පොලීසියට දැඩි වෙහෙසක් දැරීමටත් සිදුවුනු බවයි පොලිසිය සඳහන් කළේ.

එම කාන්තාවන් දෙදෙනාගේ දරුවන් ද ඉතා බෑගපත්ව තම මවුවරුන් තමන් සමග යාමට පැමිණෙන ලෙස පැවසුවාද අදාල කාන්තාවන් දෙදෙනා එයද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ නමුත් පොලීසියේ දැඩි මැදිහත්වීම මත එක් කාන්තාවකගේ ස්වාමිපුරුෂයා පැමිණ සිටි වෑන් රථයකට බලහත්කාරයෙන් මෙන් එක් කාන්තාවක් දමාගෙන ගොස් ඇති අතර අනෙක් කාන්තාවද තම ස්වාමිපුරුෂයා හා දරුවන් සමග හඬමින් ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
gossip lanka