gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිතුරුකමට කළ විහිළුව ගිය දුරක්.. 15 හැවිරිදි සිසුවාට අත්වුණ ඛේදනීය ඉරණම මෙන්න

ක්‍රිකට් තරගයක දී ඇති වුන පරණ කෝන්තරයකට බහින් බස් වී හම්බන්තොට සාමෝදාගමදි අතින් පයින් පහර දී 15 හැවිරිදි සිසුවෙකු ඝාතනය කළ බවට චෝදනා ලද 17 හැවිරිදි පාසල් සිසුවා මේ මස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි ඊයේ (06) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ හම්බන්තොට සාන්තමේරි ජාතික පාසලේ අධ්‍යාපනය ලබන සිසුවෙකු වන හම්බන්තොට ආරබොක්ක  පදිංචි 17 හැවිරිදි එම්.අවුෂාන් නැමති සිසුවෙකි.

පහරකෑමෙන් මියගියේ හම්බන්තොට ආරබොක්ක ප්‍රදේශයේම පදිංචි හම්බන්තොට සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන 15 හැවිරිදි මොහොමඩ් ෆයිරෝස් ආනිෆ් මොහොමඩ් නැමති සිසුවාය.

මියගිය සිසුවා හා පහරදීම සිදුකළ බව කියන සිසුවා අතර ක්‍රිකට් තරගයක් සම්බන්ධයෙන් ඇති වු ආරවුලක්  මෙම පහරදිමට හේතුව බව මුලික විමශෂණවලදි අනාවරණය වි තිබේ. මියගිය සිසුවා 05 වන දින සාමෝදාගම පිහිටි උපකාරක පන්තියකට ගොස්  සිටියදී මෙම පහරදීම සිදුකර ඇත.

පහරකෑමෙන් අසාධ්‍ය තත්වයට පත් වු සිසුවා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ. 

සිද්ධිය වු ස්ථානයට 06 දින පෙරවරුවේ ගිය හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව සිරුර හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී  වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හම්බන්තොට මුලස්ථාන පොලිස් පරික්ෂක වරයාට නියම කළේය.

අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරු මේ මස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කල මහේස්ත්‍රාත් වරයා සැකකරු අනෙකුත් බන්ධනාගාර රැඳවියන්ගෙන් වෙන්ව තබන ලෙසටද අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී වරයාට නියම කළේය. සැකකරු වෙනුවෙන් නීතීඥ ශේරා රශීන්   පෙනී සිටියාය.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි හම්බන්තොට මුලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka