gossip lanka

අකාලයේ මිලින වුණ සනුරිගේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක්.. ලොරි රථ රියදුරුට මොකද වුණේ...?

ඇගේ මරණය ගැන කම්පා නොවුනු කිසිවෙක් නැතිතරම්.. සනුරි ඉසුරිකා,  කළු ලෝගුව දෙවුර දරන්නට සැරසී සිටි ශිෂ්‍යාවක්..

ඒත් අද වෙනකොට ඒ හීන කිසිවක් නැහැ... ඇය අපි අතරින් සදහටම සමුඅරන්.. මේ අනතුරට සම්බන්ධ අනිත් ලොරි රථයේ රියදුරුට මොකද වුණේ..? මේ කියන්න යන්නේ සනුරිගේ අනතුර සම්බන්ධයෙන් ඇසෙන අලුත්ම කතාවක්..

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මංගලගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඔහු රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂයක ශරිර ඇපයක් මත නිදහස් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුනආරච්චිගේ පෙරේදා නියෝග කර තිබුණා..

වයස අවුරුදු 58 හැවිරිදි පාක්‍යනාදන් ස්ථානිලස් නමැති එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඇල්කඩුව හුන්නස්ගිරියවත්ත ඉහළ මීඔය ලිපිනයේ පදිංචි අයෙක්.. ඇප මත නිදහස් කර ඇති රියැදුරු කාලයක් විදේශ රටක රියැදුරුවරයකු ලෙස සේවය කර ලංකාවට පැමිණ කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළෙඳ සලක ලොරි රථ රියැදුරකු ලෙස සේවය කරමින් සිට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ..

පසුගිය 07දා වෙළෙඳසලේ හිමිකරු මාවනැල්ලට ගොස් ටයිල් තොගයක් රැගෙන ආපසු එන ලෙස රියැදුරුට දන්වා තිබෙනවා.. රියැදුරා ගලිගමුවේ සිට මාවනැල්ල දක්වා නියමිත මංතීරුවේ ලොරි රථය ධාවනය කර ඇති අතර, ලොරි රථය ගමන් කරමින් තිබුණු මංතීරුවේ ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථය ලොරි රථයේ ගැටී ඇති බවත් එහි සිටි සුනඛයෙක්ද අනතුරින් මියගිය බවත් පොලිසිය සඳහන් කරන්නේ..

ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි තරුණිය සහ තරුණයන් දෙදෙනා තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණා.. තරුණිය හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර තරුණයන් දෙදෙනා දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා..

මෙලෙස මිය ගොස් සිටියේ රඹුක්කන පොල් අත්තාපිටිය උඩගලදෙණිය ලිපිනයේ පදිංචිව සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉ‍ෙගනුම ලබා උපාධිය අපේක්ෂාවෙන් සිටි 26 හැවිරිදි මෙරගල්ගේ සනුරි ඉසුරිකා වීරසේකර යන තරුණියල්...

බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ ඇගේ 16 හැවිරිදි බාල සහෝදරයා මෙරගල්ගේ සසිදු ඉමල්ක වීරසේකර සහ 18 හැවිරිදි මෙරගල්ගේ උදාර කෞශල්‍යා වීරසේකර නමැති තරුණයන් දෙදෙනෙක්.. මිය ගිය තරුණිය සුරතලයට නිවෙසේ ඇති දැඩි කළ සුනඛයාට ප්‍රතිකාර ලබාගෙන පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා..
gossip lanka