gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජේතවනාරාමයේ අකුණු සන්නායකය උස්සන්න හැදූ සිද්ධියට රියැලිටි ගී තරුව ඇතුළු තවත් 5ක් අල්ලයි!

අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම ස්ථූපයේ සවිකොට තිබෙන ඉහළ වටිනාකමකින් යුත් අකුණු සන්නායකය ගැලවීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකාවක රියැලිටි ගීත ගායනා තරගයකින් කුසලතා දැක්වූ ගායන ශිල්පියකු ඇතුළු තවත් පුද්ගලයන් පස්දෙනකු උඩමළුව පොලිසිය විසින් පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාර දී ඇත.

අනුරාධපුර උඩමළුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂක විජිත නවගමුව මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එම සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාට ලද තොරතුරක් මත සැඟවී සිට ඇති පොලිස් නිලධාරීන් එම සැකකරුවන් ජේතවන ස්ථූපයේ කොත් කැරැල්ලේ සිට භූගත ස්ථරය දක්වා සවිකොට තිබෙන තඹ ලෝහයෙන් නිමැවුණු අකුණු සන්නායකයේ භූගත කොටසේ ඇති අකුණු තැන්පත් වන ලෝහමය කොටසේ පරමාණුක බලයක් සහිත කිසියම් රසායනික ද්‍රව්‍යයක් තැන්පත් වී තිබේදැයි පරීක්ෂා කිරීමට දාගැබේ අකුණු සන්නායකය සවිකොට තිබෙන ස්ථානය අසලට යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර සිටින ගායන ශිල්පියා පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සෙසු සැකකරුවන් මීරිගම, වැල්ලව, මහනුවර, පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔවුහු සියලු දෙනා අවුරුදු 23 ත් 56 ත් අතර වයසේ පසුවෙති.

මෙම සැකකරුවන් පස්දෙනා සහ මීට පෙර ඉකුත් 02 දා සවස ජංගම දුරකථනයකින් ජේතවන ස්ථූපයේ අකුණු සන්නායකය ඡායාරූප ගනිමින් සහ වීඩියෝ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් යුද හමුදා කෝප්‍රල්වරයා ඇතුළු සැකකරුවන් තිදෙනා අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඉන්පසු ඔවුන් අතරින් යුද හමුදා කෝප්‍රල් ඇතුළු තිදෙනකු ජේතවන ස්ථූපයේ අකුණු සන්නායකය ඡායාරූප සහ වීඩියෝගත කිරීමට එවා තිබූ බවත් හෙළිවී ඇත.

ස්ථූපයට සවිකොට තිබෙන අකුණු සන්නායකයේ භූගත කොටස මුලින් හාරා වීදුරුවක් තුළට වී ඇට දමා ගණිත ක්‍රමයකට තැබූ විට වීදුරුව තුළ තිබෙන වීඇට කාන්දමක් මෙන් අකුණු සන්නායකයේ ලෝහමය කොටස දෙසට ඇදී යන බව පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් ප්‍රකාශ කොට ඇත.

ස්ථූපයට අකුණුසර පතිත වන අවස්ථාවන්හිදී අකුණු සන්නායකය දිගේ භූගත පොළොවට කිඳාබසින අකුණු එම සන්නායකයේ ලෝහමය තහඩුවේ තැන්පත් වන බවත් එහි තැන්පත් වන පරමාණුක බලයක් සහිත කිසියම් රසායනයක් චිප් එකකට ගෙන ඒවා විදේශ රටවල සිටින ජාවාරම්කරුවන් වෙත රුපියල් කෝටි ගණනකට අලෙවි කරන බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ. අකුණු සන්නායකයේ අකුණු තැන්පත් වන භූගත කොටසේ සවි කොට තිබෙන එම ලෝහමය කොටස ගලවා ඉවත් කරගතහොත් රුපියල් කෝටි පන්සියයකට පමණ විදේශ ජාවාරම්කරුවන්ට අලෙවි කළ හැකි බවත් එම සැකකරුවන් පොලිසියට පවසා ඇත. සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඇම්. ජයවීර සහ උඩමළුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ උපදෙස් මත උඩමළුව පොලිසියේ උපපොලිස් පරීක්ෂක විජිත නවගමුව මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති. එම සැකකරුවන් ඊයේ (04දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ මිහින්තලේ – රංග චතූ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka