gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාපැදියෙන් ගිය සහෝදරියන් දෙදෙනා දියේ ගිලී මරුට!

යාපනය කයිට්ස් පොලිස් වසමේ චින්නමඩු ප්‍රදේශයේදී එකම පවුගේ සහෝදරියන් දෙදෙනෙකු පාපැදියක යමින් සිටියදී වතුරවලකට වැටී දියේ ගිලීමෙන් ඊයේ (01) රාත්‍රියේ මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

සහෝදරියන් දෙදෙනා නිවසේ සිටින අතරවාරයේදී ඊයේ සවස දැරියන්ගේ මව විසින් අසල පිහිටි වෙළඳසැලකට ගොස් එන ලෙසට පවසා ඇති අතර එහිදී වැඩිමල් සහෝදරයි විසින් බල සහෝදරිය පාපැදියකට නංවාගෙන ගමන් කරමින් සිටින අතරවාරයේදී මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

එහිදී පාපැදියේ වෙළඳසැල වෙතට ගමන්කරමින් සිටින අතරතුර මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් ඔවුන් ගමන්ගත් මාර්ගය දෙපස තරමක් ලොකු වතුර වලවල් දෙකක් වතුරින් පිරී තිබී ඇති අතර එකවරම පාපැදිය එක් වතුර වලකට වැටී ඇතැයි පොලිසිය සැකපල කර සිටියි.

පසුව නිවසේ සිටි පියා විසින් දැරියන් ආපසු නිවසට නොපැමිණීම මත ඔවුන් ගිය මාර්ගයේ සිදුකල සෝදිසියකදී වතුර වල අසන්නයේ පාපැදිය තිබීමෙන් අසල්වාසීන්ටද ඒ බව දැනුම් දී වතුරවලේ සිටි දැරියන් දෙදෙනා ගොඩට ගෙන ඒම අවස්ථාවේම කයිට්ස් රෝහල වෙතට රැගන ආවද ඒ වන විටත් දැරියන් දෙදෙනාම මිය ගොස් සිට ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ කයිට්ස්හි පදිංචි වැඩිමල් සොහොයුරිය වූ 11 හැවිරිදි නිරෝෂණ් විදුෂා සහ බාල සොහොයුරිය වූ 6 හැවිරිදි නිරංජන් අනුෂ්කා නැමිති දියණියන් දෙදෙනා වන අතර කයිට්ස් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka