gossip lanka

"මට කලන්තේ වගේ අම්මේ... මේව අහල දැකල" - අම්මයි දූයි දෙන්නම දැලේ දාගත් අනංගයා...

මේ සිද්ධිය දැනගන්නට ලැබුණේ ඇතුගල්පුරවරයේ කුඩා ගම්මානයකින්.

මේසන් වැඩ කරන ඔහු බිරිඳ සහ තම එකම දියණිය සමග සතුටින් පවුල් දිවිය ගත කළත් නොසිතූ ලෙස ඔහු මියගියේ හදිසි අනතුරකිනි.

මේ නිසා මව සහ දියණියට ඇතිවුණේ බලවත් දුකක් මෙන්ම පාඩුවකි. ආර්ථික අතින්ද බිංදුවට වැටුණ නිසා මව ගෙදරක මෙහෙකාරකමට ගිය අතර දියණිය නගරයේ ඇඟලුම්හලක සේවයට ගියාය. මවගේ වයස අවුරුදු හතළිහක් පමණය. දියණියට දහ අටක් පමණය.

මව වැඩ කරන නිවසට යන එන කිරිගෙන එන ළාබාල තරුණයා සමග සම්බන්ධකමක් ඇති කරගත් ඇය සැමියා නැති නිසා ඔහු සමග විවාහවීමට අදහස් කළේ පවුලේ අනාගතය ගැන සිතමිනි. වයස ගැන සිතුවේ නැත. (තරුණයා දියණිය ගේ වයසේ) මෝරා වැඩෙන ප්‍රේම සම්බන්ධයට මේ ගෙදර අයගේ සහයද ලැබුණා. දිනක් ඔහුගේ ඡායාරූපයක්ද ලබාගත් ඇය පරෙස්සමට අල්මාරියේ තබා ගත්තාය.

දියණිය වැඩ ඇරී නිවසට එන අතර බොහෝ විට මේ තරුණයා හමුවෙයි. ඔහුද යතුරුපැදිය නවතා මද වේලාවක් කතා කරයි. මේකත් දුරදිග ගිය සම්බන්ධයක් වුණා. තමාට වඩා වයසින් වැඩි ගැහැනියක් හා සම්බන්ද බව ඔහු සිතුවේ නෑ. විනෝදයට බර මේ තරුණයා රූමත් දියණිය සමගද හාද වුණේ මව සහ දුව යනු නොදැනයි. දියණියද මවගේ සම්බන්ධය දන්නේ නෑ.

දිනක් මේ දියණිය ගවුමක් සොයන්නට අල්මාරිය අරින විට මුල්ලක තිබෙනු දුටුවේ කුඩා ඡායාරූපයක්. එය අතට ගත් ඇය අන්දුන් කුන්දුන් වුණා. මගේ බෝයි ප්‍රෙන්ඩ්ගෙ පොටෝ එක මෙතෙන්ට ආවේ කොහොමද? උබතෝකෝටික ප්‍රශ්නයක් දැන්. ඡායාරූපය අතට ගත් ඇය දිවගියේ මව සිටින කුස්සියටයි. ''කාගෙද අම්මේ මේ පොටෝ එක. අල්මාරියෙ තිබිල මට අහුවුණේ.''

මව කලබල වුණේ නෑ.''උඹට බොරු කියන්න ඕන නෑ දුවේ ඔය ඉන්නෙ මම යන ගෙදරට එන කිරිගේන කොලුව. ඌ හොඳ ගුණයහපත්. තාත්තා නැති එකේ මම හිතා ගත්ත එකලාසයක් වෙන්න. වයස ගැන බැලුවෙත් නෑ මම. ඉතින් උඹ මොකද කියන්නේ?''

''මට කලන්තේ වගේ අම්මේ. මේව අහල දැකල. මමත් මේ කොල්ල එක්ක යාළුයිනෙ. මටත් පොටෝ එකක් දුන්න. අපි දෙන්න බැඳල රට යන්නයි හිතා හිටියෙ.''

අම්මට තරු පෙනුනෙ දැන් තමයි. ලැජ්ජාවෙන් සලිත වූ ඇය ‘‘ඒකත් එහෙමද දුවේ?’’මේ ගැන කටක් හොල්ලන එපා ඔන්න. මේක වෙච්ච නැති හැටියට ඉන්න ඕන තේරුණාද? අපි මේක අමතක කරල හිටපු විදියට ඉම්මු.

මව ඊට පස්සේ ගෙදර වැඩට ගියේ නෑ. දියණිය මහ මගදී තරුණයා සමග විස්තර කීවට පස්සේ සිද්ධිය ගම පුරාම ප්‍රසිද්ධ වුණා? අම්මටයි දුවටයි කාලයක් යනතුරු හැංගිලයි ඉන්න වුණේ.
gossip lanka