gossip lanka

"මම දැන් වරදේ බැඳෙන්නේ නැහැ... ඒ හින්දා ඔයත් දැන් ඒ වැරදි කරන්න එපා... ඔයාගේ වැරැද්දට මාගේ වැරැද්ද හිලව්" - හිලව්වට අනියම් ඇසුර නවතා යළිත් එක් වූ යුවල

අනියම් ඇසුරක් පවත්වන විවාහක සැමියාට තම බිරිඳගෙන් එය නතර කරන ලෙසට අපූරු අවවාදයක් දීමේ පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබෙනවා.

සිද්ධිය මෙසේය. විවාහක යුවළට දාව දරුවන් දෙදෙනකු සිටින අතර විවාහ වූ ඔවුන්ට ද දරු මල්ලෝ සිටිති.

මේ දෙදෙනා පමණක් නිවසේ එකට වාසය කරන අතර සැමියා විවාහක  වෙනත් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වන  බව  බිරිඳට මෙන්ම පවුලේ අයට ද රහසක් නොවීය.

මෙය නවත්වන ලෙසට බිරිඳ හා තම දරුවන් කොතෙක් ආයාචනා කළත් ඔහු එයට අවනත වන බවක් දක්නට නොවීය.

මේ නිසා තම  බිරිඳ දරුවන් හා පවුලේ වැඩිහිටියන් කැඳවා සැමියා කරන මේ අකටයුත්ත ප්‍රසිද්ධියේ විභාග කරන්නට ගත්තේ එහිදී හෝ ඔහු එය නතර කරාවි, යන සිතුවිල්ල පෙරදැරි කරගෙනය. සිද්ධිය විභාග වන අතරවාරයේ සැමියා කට හඬ අවදි කළේය. 

''මම අද මෙහෙම අනියම් ඇසුරක් පවත්වන්නේ මගේ දරුවන් විවාහක නිසයි. දරුවන් කුඩා කාලයේදීම මගේ බිරිඳ පවුලේම කෙනකු සමග අනියම් ඇසුරක් පැවැත්වීම වරදක් නොවේදැයි'' ඔහු ප්‍රශ්න කළේය.

 එම පැනයට තම බිරිඳ පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

“මම ඒ කාලේ අනියම් ඇසුරක් පවත්වද්දි තමුසෙත් අල්ලපු ගමක කාන්තාවක එක්ක සම්බන්ධතාවක් පැවැත්තුවා නේද? ඉතිං මං කරපු වරදට ඒ වරද කැපුණා. එතැනින් ඒවා ඉවරයිනේ.''

''ඒනිසා මං දැන් වරදේ බැඳෙන්නේ නැහැනේ. ඒ හින්දා ඔයත් දැන් ඒ වැරදි කරන්න එපා. ඔයාගේ වැරැද්දට මාගේ වැරැද්ද හිලව්'' එසේ නොකරන බවට තම දරු මුණුපුරන් හා පවුලේ අය ඉදිරියේ පොරොන්දු වන්න කියා ඇය සැමියාගෙන් ඉල්ලීමක් කළාය.

 මව්පියන්ගෙන් අපිට අසන්නට ලැබෙන දේවල් කියා දරුවන් එහිදී පවසා නික්ම යන අවස්ථාවේ දී තම පියා ද සිනා සී ඒ දෙස බලා නිහඩව සිටියා හැරෙන්නට තම අම්මාගේ ආයාචනයට කිසිදු පිළිතුරක් නම් දී නැතිලු. 
gossip lanka