gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුකුල් චමින්ද තම බිරිදගේ අවසරය මත අනියම් බිරිඳවත් නිවසට ගෙන්වා ගෙන අඹු සැමි ඇසුරක....පහර කෑ දැරියත් අනියම් බිරිදකගේ ....බිරිඳ දැඩි ලෙස නීති විරෝධී මත්පැන් භාවිතයට හුරු වෙලා!

වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියකට අමානුෂිකව පහරදුන් කුකුල් චමින්ද නැමති ප්‍රධාන සැකකරු ඇතුලු 05 දෙනෙකු ජුනි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පදවිය මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක පසුගිය දා නියෝග කළා.

එමෙන්ම වැලිඔය පොලිස් නිලධාරීන් විසින් අද දින පහරකෑමට ලක්වූ කුඩා දැරිය මුලතිව් මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පහරකෑමට ලක්වූ වින්දිත අවුරුදු 4 මාස 6 ක් වූ කුඩ දැරිය අනුරාධපුර පරිවාස මධ්‍යස්ථනයක් වෙතට යොමු කර ඇති බවද සඳහන්..

කුකුල් චමින්ද නමින් හැදින්වෙන මොහු සහ මොහුගේ බිරිඳ දැඩි ලෙස නීති විරෝධී මත්පැන් භාවිතයට හුරුවී ඇති බවයි වැලිඔය පොලිසිය සඳහන් කළේ.

මෙම දරුවාට පහර දෙනු ලබන්නේ මෙම දරුවාගේ මවගේ අනියම් සැමියා බවද සඳහන්.

එසේම, මේ වන විටත් මෙම සිද්ධියට අදාළ කන්තාවන් දෙදෙනා සහ කුකුල් චමින්ද හෙවත් ප්‍රධාන සැකකකරුත් කුඩා දරුවාද රැගෙන ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

කුකුල් චමින්ද තම බිරිඳ සිටියදීම තම බිරිදගේ අවසරය මත තම අනියම් බිරිඳවත් නිවසට ගෙන්වා ගෙන අඹු සැමි ඇසුරක යෙදෙන බවත් ප්‍රදේශවාසින් පවසන බවට වැලිඔය පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

කුකුල් චමින්ද නමැත්තාගේ අනියම් බිරින්දෑවරුන් බව කියන දෙදෙනාගෙන් එක් තැනැත්තියක ගැබිනියක බව ද පොලිසියට හෙළි වී ඇත.

මේ අතර, පොලිසිය පවසන්නේ  මෙම සිදුවීම වීඩියෝගත කර ඇත්තේ එම පුද්ගලයාගේම තවත් දරුවෙකු බව යි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka