gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩා දරුවාට පහරදුන් කුකුල් චමින්ද අත්අඩංගුවට.. බිරියන් දෙදෙනාත් අත්අඩංගුවට (VIDEO)

වැලිඔය සම්පත්නුවර පොලිස් වසමේ කල්‍යාණපුර ගම්මානයේ පසුගියදා කුඩ දරුවෙකුට අමානුෂිකව පහරදුන් සිද්දියේ ප්‍රධාන සැකකරු වන කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද ඊයේ (05) අලුයම අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.

සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ කුඩා ළමයෙකුට කෑඹ කමින් සිටියදී පහරදෙන විඩියෝවට අදාල ප්‍රධාන සැකකාර පුද්ගලයා වන කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා අද දින අලුයම පුල්මුඩේ,අරසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර අමානුෂිකව පහරකෑමට ලක්වූ වින්දිත කුඩා දරුවාද සොයාගෙන ඇති අතර දරුවා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද පොලීසිය පැවසීය.

වැලිඔය සම්පත්නුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පුල්මුඩේ පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකරන ලද ඒකාබද්ද මෙහෙයුමකදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් පිරිස සමග වයස අවුරුදු 4 ක් හා මාස 06 ක් පමණ වන පහරකෑමට ලක්වූ වින්දිත පිරිමි දරුවාද නිරුපද්‍රිතව සිටින අතර, මේ වන විට දරුවා පොලිස් භාරයේ ආරක්ෂිතව පසුවේ.

ඒමෙන්ම සැකකරුගේ බිරිඳ මෙන්ම අනියම් බිරිඳක් යැයි පැවසෙන අවුරුදු 36 සහ 46 ක් වයසැති වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචි කන්තාවන් දෙදෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර 45 හැවිරිදි කුකුල් චමින්ද නැමත්තා මේ වන විට වැලිඔය පොලිස් ස්ථානයට රැගෙනවිත් ස්ථානාධිපති ප්‍රධන පොලිස් පරික්ෂක ලක්මාල් ඇඹුලගම මහතා ඇතුලු නිලධාරීන් පිරිස විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම උදෙසා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka