gossip lanka

වනිඳුට ICCයෙන් ලැබුණු තැන: විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල තත්ත්වය මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි සම පළමු තැන හිමිකරගැනීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

ඒ අනුව එහි සම පළමු ස්ථානය හිමිව ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ බංග්ලාදේශ ක්‍රීඩක ෂකීබ් අල් හසන්.

තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී වන අතර ශ්‍රී ලංකාවේ දසුන් ශානක 18 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

විස්සයි විස්ස පිතිකරුවන් අතර ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් පළමු ස්ථානයට පත්ව ඇති අතර පන්දු යවන්නන් අතර දෙවන ස්ථානය වනිඳු හසරංගට හිමිවෙයි.
gossip lanka