gossip lanka

බෙල්ජියම් පහස සොයා ගිය කදුරුගස්හේනේ තරුණයෙක් පොලිස් දැලේ!

කදුරුගස්හේන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බෙල්ජියම් තරුණියන් දෙදෙනකු මෙරට සංචාරයක යෙදී සිටියදී සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

එම ප්‍රදේශයේ තුන්දොල නම් දොලක එම විදේශීය තරුණියන් දෙදෙනා විනෝද වෙමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වේ.

එම තරුණියන් දෙදෙනාට අතවර කළ බවට සැකකාර තරුණයාට චෝදනා එල්ල වී ඇති අතර, මෙම සිදුවීම සංචාරක ප්‍රජාව තුළ අප්‍රසාදයට හේතු වී ඇති අතර අතර සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පැණ නැගී ඇති බව වාර්තා වේ.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තුළින්, සංචාරක ප්‍රදේශයන්හී ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියේ මැදිහත්වීම අගය කරනා බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.
gossip lanka