gossip lanka

"රෝහලට යනකොට දුවට කතා කරන්න තියා මොනවත් සිහියක් නෑ මාසෙකට පස්සේත් අපි තවමත් එයා දිහා බලාගෙන අඬනවා.." පුංචි මල්වල හීනවලට පණ දෙන්න දුෂ්කර පාසලට ගිය අනූපමාට පාන්දර සිදුවුණේ මොකද්ද..?

ඇය ජීවිතේ දුක්බරම කාලේ අම්මා තාත්තාගේ හයියත් එක්ක සතුටින් ගෙවා දැමුවා.. 

ඒ වගේමයි ඇය මේ ගමන යන්න ඇත්තේ ඇගේ දහසක් බලාපොරොත්තු වගේම තවත් එවැනි පුංචි හිත්වල තියන බලාපොරොත්තු මල් පළ දරනවා බලන්නට ඇති කැමැත්තත් එක්කම වෙන්න ඇති.. ඒත් අනුපමාගේ දෛවයම ඇයට දැන් ඒ හැම දෙයකටම හරස් වෙලා..

පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දින ගුරු පත්වීමක් ලබා දුෂ්කර විල්ගමුවේ සෝනුත්තර කනිෂ්ඨ විද්‍යාලයට ගිය උපාධිධාරීන් ගුරුවරියක් වුණු අනුපමා නයනකාන්ති ජයතිලක මාර්තු 23 වන දින බරපතල තුවාල ලබා මහ පාරේ වැටී සිටියදී සොයාගන්නේ කවුරුත් නොසිතූ විලසයි.. හරිහැටි සිහියක් පතක් නොමැතිව නිවසේ අද වෙනකොට ඇඳකට වී සිටින ඇගේ අභිරහස්, දුක්බර කතා පුවත අපට ඇසෙන්නේ ගලේවෙල යටිගල් පොත්ත ප්‍රදේශයෙන්..

දුප්පත්කමේ පතුලටම වැටි සිටිමින් කුළි වැඩක් කරමින් දරුවන් දෙදෙනාටම උගන්වා ගුරු පත්වීමක් ලබා ගැනීමේ සතුටු දෙමව්පියන්ට මාස තුනක් ගත වෙන්නට මත්තෙන් අහිමි වීමෙන්ම අදටත් තම දියණියට සිදුවූයේ කුමක්දැයි යන්න අභිරහසක්ව පැවතීම නිසා මෙම දෙමව්පියන් බරපතල සිත් වේදනාවකට පත්ව තිබෙනවා..
කුඩා කාලයේ සිට විවිධ දුක් කරදර බාධක මැද අධ්‍යාපන ලබා සරසවි වරම් ලැබ ඉන් උපාධිය ලබා දුෂ්කර ප්‍රදේශයක ගුරු වෘත්තියට ගිය මෙම පුංචි ගුරුවරිය වුයේ අනුපමා නයනකාන්ති ජයතිලක 26 වන වියේ පසු වන මේ තරුණියක්..
හදවත් කම්පා කරවන සිද්ධියට ප්‍රදේශයේ මෙන්ම පාසල පිහිටි ප්‍රදේශයේ ජනතාවගේ ද හදවත් තවදුරටත් කම්පා කරවන අතර බොහෝ දෙනකුගේ නෙත් කඳුලින් තෙත් වන අභිරහස් සිද්ධියක් වුණා..

දරුවන් දෙදෙනාටම දෙමව්පියන්ට උරුම වූ කුලී රැකියාව ලබා නොදී රටට දැයට වැඩ කරන උගත් දරුවන් බවට පත් කිරීම සඳහා ජයතිලක සහ චන්ද්‍රා මැණිකේ යන අනුපමාගේ මවත් පියත්, දිවා රෑ නොබලා වෙහෙසෙන්නට වුණා..
ඒ අනුව අනූපමා පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වී උපාධිය ලබාගෙන පසුගිය වසරේ දෙසැම්බර් 26 වෙනි දින මධ්‍යම පළාතේ වීල්ගමුව අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක් වූ සෝනුත්තර ගමේ පාසලට ගුරු පත්වීමක් ලැබ රැකියාවට පිටත්ව ගියේ දෙමාපියන්ගේ විඩාවට අස්වැසිල්ලක් ලබාදීමේ අරමුණ ඇතිවයි..


දෙවැනි දරුවා වන අසංක ප්‍රභාත් මෙවර උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන දරුවෙකි.
පුංචි කටු මැටි ගැසූ නිවස වෙනුවට ගලේවෙල ප්‍රාදේශීය කාර්යාලයේ මැදිහත්වීම මත ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව මේ පවුලට පුංචි කාමර දෙකක් ස්ථිරව තනා ඉදීමට නිලධාරීන්ට හැකි වී තිබෙනවා..
තම බලාපොරොත්තු එකින් එක ඉටුවෙද්දී සිදුවූ මෙම විපත පිළිබධව ජයතිලක මහතා හැඬු කඳුලෙන් මෙසේය පැවසුවා..

" අපි දෙන්නා පුදුමාකාර විදිහට දුක් මහන්සි වුණා. අඩුම තරමේ බුලත් විටක්, සිගරට් එකක් මත්ද්‍රව්‍යයෝ පාවිච්චියක් නොමැතිව උදේ ඉඳලා රෑ වෙනකන් මගේ බිරිඳයි දෙන්නා මහ වැස්සේ අව්වේ කුලී වැඩ කරලා දරුවෝ දෙන්නා හොඳ පුරවැසියන් කරන්න උගන්වන්න කටයුතු කළා. මගේ ලොකු දුව ලැබුණු දවසේ තමයි මම ජීවිතේ සතුටු වෙන දවස . දෙවැනි සතුට බවට පත් වුණේ එයා උපාධිය ලබලා අම්මයි මමයි කුරුලු කරගෙන පොටෝ එක ගත්ත දවස ඒ වගේම තමයි මගේ දුව පුංචි කටු මැටි පැලේ කුප්පිලාම්පු එළියෙන් පාඩම් කරලා ගුරු පත්වීමක් ලැබුණු දවස මගේ ජීවිතයේ අමතක වෙන්නේ නැහැ. "

"මමත් බිරිදත් මෙයාව පාසලට භාරදෙන්න පසුගිය දෙසැම්බර් 26 වෙනිදා විල්ගමුව ප්‍රදේශයට ගියා . පාසල ආසන්නයේම ගෙදරක අපේ දුව නැවතුනා එයා පුංචි දරුවන්ට උගන්වන්න හරිම ආසයි . නවය වසර පන්තිය එයාට භාර දීලා තිබුණා. සිංහල වගේම විද්‍යාව විෂය අනෙකුත් දරුවන්ට ඉගැන්වීම් කළේ. මගේ දුව නිවාඩුවට ගෙදර ආවහම හැම වෙලාවෙම කියන්නේ අපි වගේම දුක් විඳපු දරුවෝ තමයි සෝනුත්තර ඉස්කෝලෙට එන්නේ. මම නිවාඩු දවස්වලටත් නැවතිලා මේ දරුවන්ට වගේම ඉස්කෝලේ කාලය අවසන් කරලා තවත් පැය එකහමාරක් මම දරුවෝ තියාගෙන ඉගැන්වීම් කරනවා මොකද ඒ අයට වෙනත් පහසුකම් නැති හින්දා කියනවා , මම දුවට ආශිර්වාද කළා. එහෙම හිතලා උගන්වන එක හොඳයි කියලා."

මාස තුනක් වත් දුවට පාසලේ උගන්වන්න බැරි උනා , පසුගිය මාර්තු 22 වැනිදා පස්වරුවේ දුව අම්මට ඇමතුමක් දීලා කිව්වා පාන්දර බස් එකේ ගලේවෙල ගෙදර එනවා කියලා , අපි මෙහේ උදේට උයාගෙන බලාගෙන හිටියා දුව එනකල් . අන්තිමට සිද්ධ වුනේ කිසිදු සිහියක් පතක් නොමැති එක පැත්තක් පණ නැතිව නැති බඩ විදලා බටයක් දාලා ආහාර දාන්න උගුර හිල් කරලා බටයක් දාලා හුස්ම ගන්න ලස්සනට හිටපු පුංචි සුරංගනාවී ගේ හිස බු ගාලා මාසයකට පස්සේ තමයි ගෙදර ගේන්න වුණේ."

"මගේ දුවට මෙහෙම වුනේ කොහොමද කියල තවමත් අපි දන්නේ නැහැ. පාසලින් වගේම අවට කට්ටිය කියනවා දුවට අලියෙක් පහර දෙන්න ඇති කියලා තවත් පිරසක් කියනවා බස් එකට නගින්න ගිහිල්ලා වැටෙන්න ඇති කියල, තවත් කට්ටියක් තියෙනවා අලියට බය වෙලා වැටෙන්න ඇති කියලා ,මොනව උනාද කියලා හිතාගන්න බෑ , මගේ දුව බරපතල තුවාල සහිතව විල්ගමුව පාරේ වැටිලා ඉද්දි තමයි රෝහල් ගත කරලා තියෙන්නේ, පාන්දර කාලයේ එදා 23 දින මගේ දුව පාන්දර පහයි ගානකට එන බස් එකේ එන්නෙ පාරට ඇවිල්ලා තිබුණා. එයා නැවතිලා හිටපු ගෙදර ඉදලා පාරට එන්න මීටර් සීයක්වත් දුර නෑ, බස් රථයේ රියදුරටත් දුරකථන ඇමතුමකුත් ලාබාගෙන තමයි එයා බස් එකේ හෝන් සද්දෙට පාරට ඇවිල්ල තියෙන්නෙ. ඒත් එක්කම දුව නැවතිලා හිටපු නිවසේ කට්ටියට දුව කෑ ගහන සද්දයක් ඇහිලා බලලා තියෙනවා අවට අයත් එළියට ඇවිල්ලා ,ඒ වෙනකොට පාන්දර දුව මහ පාර මැද බරපතල තුවාල සමඟ වැටිලා ඉන්නව දැකලා, පස්සේ ඒ අය විල්ගමුව රෝහලටත් මහියංගණයේ රෝහලටත් අවසානයේදී බදුල්ල රෝහලටත් අරන් ගිහිල්ලා ."

"රෝහලට යනකොට දුවට කතා කරන්න තියා මොනවත් සිහියක් නෑ මාසෙකට අධික කාලයක් එයා ප්‍රතිකාර කළා දැන් ගෙදරට ගෙනල්ලා දාලා ඉන්නවා උදේ ඉඳලා රෑ වෙනකං මගේ බිරිඳ පුතත් මමත් දුව දිහා බල බල කඳුළු හලමින් ඉන්නේ.."

ඉතින් මේ තවත් අසරණ ජීවිතයක හීන සුන්වුණු කතාවක්.. මේ කතාවට වග කිව යුත්තන් ඇත්තටම කවුද..? දහසක් බලාපොරොත්තු එක්ක ජීවිතය ජයගන්න හීන මැවූ අනූපමාට සිදුවූ අසාධාරණයට , සාධාරණයක් ඉටු වේවිද..?
gossip lanka