gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලුත් වීසා ක්‍රමයේ ගැටළු ගැන ජයසූරියත් අප්‍රසාදයෙන්: ප්‍රශ්නයට කඩිනම් විසදුම් දෙන්නැයි බලධාරින්ගෙන් ඉල්ලයි!

නව වීසා ක්‍රමයේ ගැටළු නිසා සංචාරකයන් අප්‍රසාදය පළකරන අයුරු තමන්ද දැක ඇති බවත්, එනිසා එම ප්‍රශ්නය කඩිනමින් විසඳන ලෙස සියලු පාර්ශ්යන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසනවා.

සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, තමන් ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයින් මුල්‍යමය වාසියක් නොමැතිව මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට දහඩිය, කඳුළු වැගිරූ බවයි.

එනිසා එලෙස ගොඩගත් සංචාරක ව්‍යාපාරය නව වීසා ක්‍රමයේ ගැටළු නිසා ධෛර්යමත් නොකරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

"දහඩිය, කඳුළු සහ මූල්‍යමය දිරිගැන්වීමක් නොමැතිව මා ඇතුළු බොහෝ ශ්‍රී ලාංකිකයින් මෙරට සංචාරක ව්‍යාපාරය ගොඩනැංගීමට දායක වුණා.

නමුත් නව වීසා ක්‍රමය ගැන බොහෝ සංචාරකයන් අප්‍රසාදය පළ කරනවා මෙම දැක්කා.

එනිසා මේ ප්‍රශ්නය කඩිනමින් විසඳන ලෙස මම අදාළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා" යැයි ඔහු සිය 'X' ගිණුමේ දක්වා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka