gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සම්මුඛ පරීක්‍ෂණයකට තරුණිය කැඳවා බරපතළ ලිංගික අපයෝජනයක් කළ කෝටිපතියා ගැන පරීක්ෂණ!

ඉහළ වැටුපක් ලබාදී විධායක තනතුරකට පත්කරන බවට පොරොන්දු වී සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවාගත් තරුණ විවාහක කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන කෝටිපති ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇතැයි කොල්ලුපිටිය පොලිසිය ඊයේ (08දා) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට වාර්තා කළේය. 

ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය දුරකථන විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා දුරකථන සමාගම් කිහිපයකට නියෝග කළේය.

වට්ස්ඇප් ඔස්සේ එම ව්‍යාපාරිකයා පැමිණිලිකාර කාන්තාව හඳුනාගෙන ඇති බවත් සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසට ඔහු කළ දැනුම්දීමක් අනුව එම තරුණ විවාහක කාන්තාව ඇගේ සැමියා සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවසකට ගොස් ඇති බවත් පොලිසිය අධිකරණයට කියා තිබිණි. 

සැමියාව පහත මාලයේ රඳවා තරුණ විවාහක කාන්තාව උඩුමහලේ පිහිටි කාමරයකට ගෙන ගොස් එකී අපරාධය සිදුකළ බවටද එම වාර්තාව මඟින් පොලිසිය අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka