gossip lanka

හරියටම තව දින දෙකකින් ග්‍රහ ලොව තවත් පෙරළියක්... ඔබේ ලග්නයට කොහොමද කියලා දැනගන්න කැමතියිද..?

ග්‍රහ තාරකාවල වෙනස්වීම නිතර දෙවේලේ ඇහෙන සුලභ දෙයක්..

ඒත් ඒවා  අපි එක්කෙනාගෙන එක්කෙනාට බලපෑම් කරන විදිහ වෙනස්.. 

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ග්‍රහ ලොව සිදුවෙන තවත් පෙරළියක් ගැන කතාවක්..

ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙනවා..

ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි යෝග බලය මෙන්ම රවි, බුධ, ශුක්‍ර, යෝග බලය, රවි ශුක්‍ර, බුධ ශුක්‍ර යෝග බලය සහ ශනි දීප්ත යෝග බලයෙන් බොහෝ සිතුම් පැතුම් ඉටු වන කාල පරාසයක් උදා වෙනවා...

කුම්භ වෘෂභ සිංහ , වෘශ්චික ලග්නවලට පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝගබලය ද සත්කළත්‍ර යෝග බලය වෘශ්චික, සිංහ, මේෂ, ධනු, කුම්භ, මීන ලග්නවලට ද උදා වීමෙන් එම ලග්න හත හිමියන්ට යස ඉසුරු ලබා දෙන කාලයක් වනු ඇතියි..

වෘශ්චික රාශි උදාවෙහි රවි ශුක්‍ර සේම රවි බුධද රවි බුධ ශුක්‍ර ද යන සුසංයෝග 06 වැන්නේ යෙදීම යම් උදාරත්වයක් පෙන්නුම් කරයි...

05,06,07 ආලෝක ග්‍රහ කිරණ අතරින් වෘෂභ රාශියේ සතුරු ගුරුගේ කිසිදු වටිනාකමක් නොමැත. 05 වැන්නේදි ගුරු මන්දගාමී මාන්දි ග්‍රහයා බවටද ඤාණකාරක බුධ, සතුරු රෝග භාවස්ථාන ආශ්‍රිතව වෘශ්චික උදා රාශිගත මේෂයේදී සුවිශේෂී බවක් නිවේදනය කෙරෙනවා...

ගුරු වෘෂභයේ සැරිසරන කාලපරිච්ඡේද ඉතාම ඛේදනීය සිදුවීම් ද නිර්මාණය විය හැකිය. දෙස් විදෙස් සමාජවල බොහෝ ගැටලු ඇති වීමේ අවස්ථා උදාවනු ඇත..

අඟහරු නැප්චූන් ග්‍රහ සුසංයෝගය අඟහරු හිමි වෘශ්චික උදා රාශියෙහි 06 වැන්නෙහි රෝග සතුරු ස්ථානගත අශුභවාදී ක්ෂේත්‍රය මර්දනය කරමින් ප්‍රබලව තැන්පත්ව ඇත.. ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සිවුවැන්න අධිබලයකට සුසංයෝග පංච මහා පුරුෂ යෝග යෙදී ඇත... නැප්චූන්, කුජ, දුර්වල මුඪ රාහුගෙන් 05 වැන්න ආකූල ව්‍යාකූල වුව ද 03 -11 භාවස්ථාන මර්දනය කෙරෙමින් ජන ජීවිතය සාමකාමි බවට පාත්‍රව ඇත..

ශ්‍රී ලංකා ජනරජ කේන්ද්‍ර ග්‍රහ රාශි සටහන 09 වැන්නවූ භාග්‍යස්ථානය ඇතුළුව 01,05,09 ප්‍රබලත්වයට තුඩු දී ඇත... 03,07,11 ආත්ම ලාභයට නොයන ආකාරයක් ශනි දීප්ත යෝගයෙන් ප්‍රබලව විද්‍යමාන කෙරෙනවා.... රාජ්‍ය යාන්ත්‍රිකයන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන් ද අසිරිමත් බවකට පාත්‍රවෙනවා..  පොදු ජනතා හිතවාදී ලග්නය, ධනස්ථානය, අයස්ථානය අඟහරු හිමි මේෂ රාශිය ප්‍රබලත්වය තීව්‍ර වෙමින් බැබළෙනවා...

ගුණාත්මක සමාජගත නිර්මාණයකට ලෝකවාසි මනුෂ්‍යයන් ග්‍රහණය වෙනවා.. 
යුක්තිය, නීතිය, සාධාරණත්වයට ඉදිරි කාලීනව හරවත් අර්ථවත් බවක් දෘශ්‍යමාන වෙනවා.. ජන මාධ්‍ය, ලේඛන කලාව නව නිර්මාණ චින්තකයන් ගවේෂකයන් ඇසුරෙහි ප්‍රශස්ත නව ගමන්මඟක් ගනු ලබනවා... නාවික ගුවන්,මහා මාර්ග, තැපැල් දුම්රිය, විදුලිය ආදියේ අර්බුදකාරි ස්වභාවයන් මර්දනය කෙරෙයි. සංස්කෘතිය සභ්‍යත්වය සමඟ චර්යාත්මක ගුණාත්මක පැතිකඩ සක්‍රීය වෙනවා..

මේෂ රාශිය

පවුල් ජීවිතයෙහි අත්‍යවශ්‍ය කාර්යයන් නවතම ගමන් මඟකින් ක්‍රියාත්මක වෙයි. 08 -12 ආශ්‍රිතව අඟහරු ආලෝක කිරණ බලපෑමෙන් ශෘංගාරාත්මක ආස්්වාදයකට ගත සිත නැඹුරු කරයි. ලග්නගත චතුර්ග්‍රහ සංයෝගය ඔබගේ නිද්‍රාශීලීගතියක් තිබුණේ නම් එය දුරු කර වේගයෙන් වැඩකටයුතු සිදු කිරීමට ඉඩ ලබාදෙයි. දුරදක්නා නුවණින් ගෘහ ජීවිතය මෙන්ම රැකියා ආදායම් මාර්ග ගුණාත්මක කරනු ලබයි. සිතැඟියාවන් සාර්ථකත්වයට පත්කරයි.

වෘෂභ රාශිය

වෘෂභ රාශි ග්‍රහ මාරුව 2025 මැද භාගය දක්වා ද 14 වැනි දා රවි සංක්‍රාන්තිය අනුව මිශ්‍රපල උදාකරයි. මෙතෙක් යටපත්ව තිබූ ජීවන කුසලතා ආශ්‍රිතව විවිධ ගැටලුකාරි පසුබිමක් නිර්මාණය විය හැකිය.බුද්ධිමත්ව රැකියා ආදායම් මාර්ග තුළ ක්‍රියාත්මක වීම යහපත් වෙයි. 10 වැන්නෙහි කර්මස්ථානගත සෙනසුරු සස යෝග බලය උදාකර ඇත. අවහිර බාධක දුෂ්කරතා තරමක් දුරට බලපානු ඇත.

මිථුන රාශිය

කුජ, රාහු, නැප්චූන් රැකියා ආදායම් මාර්ග කෙරෙහි ප්‍රබලව බලපානු ඇත. අයස්ථානය වූ 11 වැන්නෙහි චතුර්ග්‍රහ සුසංයෝගය මත සමාජගත ක්‍රියාකාරකම්ද පෞද්ගලික ජීවන ක්‍රමපෝයන් ආශ්‍රිතව දියුණූුවක් ගෙන දෙනු ඇත. පවුල් ජීවිතයෙහි සහ බාහිර ක්‍රියාකාරකම්හි වරින්වර ගැටුම්කාරි බවක්ද විද්‍යමාන විය හැක. සිතුම් පැතුම් සුබවාදිව ඉටුවෙයි.

කටක රාශිය

තැන්පත් දේපළ වස්තුව, ආදායම් මාර්ග යටපත්වීම්යාම් සිදුවිය හැකිය. කරන කියන කටයුතු උත්සාහයෙන් සාර්ථක කරගත හැකිය. රාජ්‍යය ක්ෂේත්‍රයෙහි ප්‍රභූවරයන්ගෙන් උපකාර ලැබෙයි. රැකියා ආදායම් මාර්ගයන්ද සාර්ථක වන බවක් පෙනී යයි. පවුල් ජීවිතය නවතාවයකින් යුතුව ගෙන යමින් උසස් දියුණුවකට පාත්‍ර කරගත හැකිය.

සිංහ රාශිය

පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝගබලය 07 වැන්නෙහි යෙදී ඇත. සියලු කාර්යභාරයන් සතුටුදායක කරගත හැබිය. සුළු සුළු ලාභ ප්‍රයෝජනයන් පසුපස හඹායාම මත තිරසර ජවබල සම්පන්තාවය දුර්වල විය හැකිවෙයි. එනිසා ආර්ථිකය කෙරෙහි බාධක දුෂ්කරතා මතුවිය හැකිය.

කන්‍යා රාශිය

පදිංචි නිවෙස භූමිය ආශ්‍රිතව සතුටුදායක බවක් පෙන්නුම් කෙරෙනු ඇත. බොහෝදුරට හිතවාදි සහසම්බන්ධකම් සුබවාදී බවට පෙරළෙයි. ජීවිතය ආස්්වාදනීයබවක් ගනු ලබන්නේය. පවුල් දිවියෙහි හදිසි තීරණ තීන්දු ගැනීම නොකළ යුතුය. එයින් ගැටලු නිර්මාණය විය හැකිය. රෝගාබාධක ඇතුළු සොරසතුරු බලවේග දුරුවනු ඇත.

තුලා රාශිය

සිතුම් පැතුම් බොහෝදුරට සාර්ථකත්වයට පත්වෙයි. ආර්ථිකය සතුටුදායක වෙයි. පවුල් ජීවිතයෙහි නවතාවයක් ගනු ලබයි. මානසිකත්වය මෙන්ම එදිනෙදා දිවිමඟෙහි නිතර ගැටුම් ඇතිවන බවක් පිළිබිඹු කෙරෙයි.

වෘශ්චික රාශිය

වෘශ්චික රාශිය හිමි ඔබ හට පංචමහා පුරුෂ යෝග අතරින් සස යෝග බලය උදාව පවතිනු ලබයි. පදිංචි ස්ථානය භූමිය ආශ්‍රිත ජීවිතයෙහි ඔබ හට ආස්වාදනීය තුටුපහටු ගමන් මඟකට ආශිර්වාදය ලැබෙනු පෙනී යයි. බොහෝදුරට දිගුකාලීන උණුසුම් සිතැඟියාවන් ආශ්‍රිතව සතුටුදායක බවක් පිළිබිඹු කෙරෙයි.

ධනු රාශිය

පදිංචි ස්ථානයේ මෙන්ම හිතමිතුරු ඇසුර, දරු දැරියන් සම්බන්ධව බලාපොරොත්තු අරමුණු සපල වනු ඇත. රෝගාබාධක සොර සතුරු බලවේග මතුවිය හැකිය. රැකියා ආදායම් මාර්ග කෙරෙහිද තැන්පත් දේපළ වස්තු ආදිය කෙරෙහි ද විමසිල්ලෙන් කටයුතු කළ යුතු කාලසීමාවකි.

මකර රාශිය

රැකියා ආදායම් මාර්ග ඇතුළු අරමුණු කෙරෙහි සුවිශේෂී අවධානය යොමු කිරීම ඉතාම සුබදායක වෙයි. පදිංචිය ආශ්‍රිත උත්සාහය යහපත් වෙයි. එහෙත් නිර්මාණශීලි කාර්යයන් බොහෝදුරට අවුල් සහගත විය හැකිය. සිතැඟියැවන් ක්‍රියාත්මක කිරීමේදී හදිසි තීරණ තීන්දු නොගත යුතුවෙයි.

කුම්භ රාශිය

පරිසරය ආශ්‍රිතව සෝබාදහමෙහි වෙනස්කම් රටාවක් විෂමචාරව යෙදී ඇත. මේ අනුව කුම්භ රාශි හිමියනට ශනි චන්ද්‍ර ජන්මඒරාෂ්ටකයක් සිව්වැන්නෙන් පිළිබිඹු වේ. උත්සාහය උනන්දුව මත විජයග්‍රහණය ළඟාවෙයි.

මීන රාශිය

සිතැඟියාවන් බොහෝ දුරට සතුටුදායක වෙයි. ඇසුරුකරන්නන් පිළිබඳ ගන්නා තීන්දු තීරණකෙරහි දැඩි අවධානය යොමු විය යුතු කාල පරාසයකි. මැයි 01 ගුරුමාරුව සමඟ ලග්නය, කර්මස්ථානය සහ වික්‍රමස්ථානය ආශ්‍රිතව කටයුතු මනා සැලකිල්ලෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

සුබසෙත පුවත්පත ඇසුරෙන්...
gossip lanka