gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරූපී බිරිඳත් එපා කියා අනියම් පෙමක පැටලුණු ඔහුට සියල්ල එපා වෙයි.. අහම්බෙන් මුණගැසුණු තරුණියක් නිසා මැදිවයසේ විධායක නිලධාරියෙක්ට අත්වූ ඇස් අදහාගත නොහැකි ඉරණම මෙන්න

ආදරය මුවාවෙන් සිදුවෙන වංචා ගැන ඕනෑතරම් අපි  අහලා තියනවා.. මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්..

ඇය ඇත්තටම ඔහුට ලං වුණේ ආදරය නිසා නම් නෙවෙයි..

එහෙනම් ඒ ආදරයේ පරමාර්ථය මොකද්ද..? ඔහු පෞද්ගලික ආයතනයක ඉහළ පරිපාලන නිලධාරියෙක්.. කාලයත් එක්ක ඔහු සමඟ අනියම් ඇසුරකට පොළඹවාගෙන ඇය සමත්වෙලා..

ඒ අනුවයි, දවසින් දවස මේ ව්‍යාජ ආදරය මෝරන්න පටන්ගෙන තියෙන්නේ.. ඒ අනුවයි ටිකෙන් ටික ඔහුගේ වත්කම් ගැන ඇය සොයන්නට පටන්ගත්තේ.. කෙසේ වෙතත්, ඔහුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කර තිබුණා..

තමන්ට සිදුවූ මේ වංචනික ක්‍රියාවෙන් පසු පානදුර, පින්වත්ත, මැදවේල්ල පාර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි විවාහක පරිපාලන නිලධාරියා මේ සිදුවීම ගැන පින්වත්ත පොලිසියට පැමිණිලි කර තිබුණා..

ඒ සිදු කළ පැමිණිල්ලක් මත අදාළ සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ..

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි තරුණියක්.. අදාළ නිළධාරියා විසින් කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක දී සැකකාර තරුණිය හදුනාගෙන ඇති අතර, පසුව ඇය සමඟ කලක සිටි ඇසුරක් පවත්වමින් ඇයව විවාහ කරගැනීමට තීරණය කර සිය රූමත් බිරිඳව ද මෙම නිලධාරියා විසින් අත්හැර දමා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ...

ඒ අනුව අදාළ තරුණිය මෙම නිලධාරියාගේ නිවසට නිතර නිතර යෑමට හුරු වී සිට ඇති බවයි අනාවරණය වී තිබෙනවා..

සැකකාර තරුණිය අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුව ඇති තැනැත්තියක් වන අතර ඇය තවත් තරුණයෙකු සමඟ සිය විවාහක පෙම්වතා වූ පරිපාලන නිලධාරියාගේ නිවසට පිටුපස ජනේලයකින් ඇතුලු වී එහි තිබූ වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ඇති බවයි පොලිසිය සිදුකළ ප්‍රශ්නකිරීමවලදී හෙළිවී ඇත්තේ... 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka