gossip lanka

"එයාව මඟුල් පෙරහැරකින් මනමාලයගේ ගෙදරට පිටත් කරන්න හීන මැවුවේ හැබැයි සිද්ධ වුණේ" - ධනය, බලය ඇති පුතෙකු නිසා සිදුවුණ ඛේදවාචකය

මුදල් හදල් , යාන වාහන ,බලය මේ සේරම උපතින්ම ලැබුණාම කිසිදු දරුවෙක්ට මිනිසුන්ගේ දුකක් කියන දේ දැනෙන්නේ නෑ කියන  කතාව මේ සමාජයේ නිරන්තරයෙන් කියන කතාවක්.

ගෙදරින් දුන්න හැම සැප සම්පතක්ම , නිතැතින්ම ලැබුණ බලයත් එක්ක කොහේ කොතන ගියත් අනෙක් මිනිසුන් ගැන නොතකන දරුවකු මේ ලොව අසුන්දර කරනවා මිසක සුන්දර කරන්නෙ නැහැ.

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්.17 හැවිරිදි ඔහුට උපතින්ම ලැබුණ සල්ලිකාර බලයත් එක්ක ඔහු නගරයේ නිරන්තරයෙන් කරක් ගහන්නේ හයිකාරකම පෙන්නන්න.

දිනක් ඔහුට දෙමාපියන්ගෙන් ලැබුණ Porsche රථයෙන් නගරය හරහා වේගයෙන් ගමන් කරන්නේ ඉතාමත් විනෝදයෙන්.

එලෙස ගමන් කරන විට ඔහු දකින්නේ Anish Avadhiya සහ Ashwini Kostha මෝටර් සයිකලයකින් නගරයේ ගමන් කරන ආකාරයයි.

ඔවුන් දෙදෙනා සිය මිතුරියන්ගේ නිවසකට යන අතරතුරයි සිටියේ.

ඒ දෙසට වාහනය හරවන්නේ පොඩ්ඩක් බය කරන්න හිතාගෙන.හැබැයි විහිළුව ඛේදවාචකයක් වෙන්න යන්නේ තප්පරයක් විතරයි.

සුපිරි රියේ ගැටුනු මේ තරුණයා සහ තරුණිය අඩි විස්සක් පමණ උඩට විසික් වෙලායි වැටෙන්නේ.

දෙදෙනාම එම ස්ථානයේ සිය දිවිය හැර යනවා.Anish Avadhiya සහ Ashwini Kostha පූනේ වෙත පැමිණෙන්නේ ඉංජිනේරුවරුන් ලෙස ඉගෙනු ලබන්නට.

හීන රාශියක් එක්ක පූනේ නගරය වෙත පැමිණෙන මේ දෙදෙනාගේ සිහින එක තප්පරයකින් අවසන් වෙන්නේ සල්ලිකාර පුතෙකුගේ විනෝදය නිසාවෙන්.

ඉන්දී‍ය අධිකරණයෙන් පවා තවමත් කිසිදු සාධාරනයක් නොවුණු මෙම සිදුවීම ගැන ඔවුන් දෙදෙනාගේ දෙමාපියන් කියන්නේ මෙහෙම කතාවක්.


Anish Avadhiyaගේ මව හැඬූ කඳුලින් ප්‍රකාශ කරන්නේ මෙන්න මේ වගේ කතාවක්.

" මට තවමත් හිතාගන්න බැහැ වුණ දේ ගැන.මම එයාව මඟුල් පෙරහැරකින් මනමාලයගේ ගෙදරට පිටත් කරන්න හීන මවාගෙන හිටියේ හැබැයි සිද්ධ වුණේ අවමඟුල් පෙරහැරකින් එයාව ගෙදර එක්කගෙන යන්න.පොඩි ළමයින්ට වාහන දෙන්න කලින් දෙපාරක් හිතන්න. "

මෙම අපරාධය සිදු කළ බාලවයස්කාර සැකකරු Porsche රථය පැයට කිලෝ මීටර් 200ක වේගයෙන් ගමන් කර ඇහි බවත් ඔහු බීමතින් සිටි බවටත් පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.කෙසේ නමුත් මිය ගිය දෙදෙනාගේ මවුපියන් ඔවුන්ට සාධාරනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
gossip lanka