gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙයි

මෙරට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

ජාතික ළමාරක්ෂක අධිකාරිය ද පවසන්නේ ජංගම දුරකථනවලට අසීමිත ලෙස ඇබ්බැහි වූ දරුවන් ඉන් බේරා ගැනීම සඳහා මැදිහත් වන ලෙසට මව්පියන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබෙමින් පවතින බවයි.

2020 වසරේ ඇති වූ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දරුවන්ට භෞතිකව පාසැල්වලට පැමිණ අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වීමත් සමඟ මෙරට
අධ්‍යාපන ක්‍රමයේ විශාල පරිවර්තනයක් සිදු වුණා.

වසර කිහිපයක් පාසල් අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සීමා වුණේ එවැනි පසුබිමකයි.

මෙම තත්ත්වයත් සමඟ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දරුවන්ට ජංගම දුරකතන හා පරිගණක භාවිතය අත්‍යවශ්‍ය වූ අතර ඒ හරහා අන්තර්ජාලය හා විවිධ සමාජ
මාධ්‍ය භාවිත කිරීමට ද බොහෝ දරුවන් පෙළඹුණා.

එවැනි පසුබිමක මේ වනවිට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ළමා මනෝ විශේෂඥයින් අනුමාන කරන්නේ දරුවන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ ජංගම දුරකථනවලට අසීමිත ලෙස ඇබ්බැහි වූ දරුවන් ඉන් බේරා ගැනීම සඳහා මැදිහත් වන ලෙසට මව්පියන්ගෙන් ඉල්ලීම් ලැබෙන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka