gossip lanka

"නින්දෙන් ඇවි­දීම" පිළිබදව ග්‍රන්ථ­යක් ද ලියූ, නීති­ඥ­ව­රි­යට නඩු විභා­ග­ය අත­ර­තුර නින්ද ගිහින්... අන්තිමට වුණ දේ මෙන්න

නින්දෙන් ඇවි­දීම පිළි­බඳ විශේ­ෂ­ඥ­ව­රි­යක වන නීති­ඥ­ව­රි­යක නඩු විභා­ග­යක් අත­ර­තුර නින්දට වැටීම හේතු­වෙන් විනය පරී­ක්ෂ­ණ­ය­කට මුහුණ දීමට සිදු වී ඇතැයි ලන්ඩන් නුව­රින් වාර්තා වෙනවා.

එරට මාධ්‍ය සඳ­හන් කරන්නේ රම්‍යා නාගේෂ් නමැති මේ නීති­ඥ­ව­රිය පසු­ගි­යදා ලන්ඩන් නුවර අධි­ක­ර­ණ­ය­කදී එම සිදු­වී­මට මුහුණ පා ඇතැ­යිද , නඩු විභා­ගය අත­ර­තුර දිවා ආහාර විවේ­ක­යේදී ඇය මිනිත්තු 45ක් පමණ නින්දට වැටීම හේතු­වෙන් ඇගේ සේවා­දා­ය­ක­යාගේ සාක්ෂි ඉදි­රි­පත් කිරිමේ අව­ස්ථාව ද මඟ හැරී ගොස් ඇති බවයි.

නින්දෙන් ඇවි­දීම සම්බ­න්ධව ග්‍රන්ථ­යක් ද ප්‍රකා­ශ­යට පත් කර ඇති නීති­ඥ­ව­රිය නින්දට වැටී ඇත්තේ පිසන ලද තක්කාලි ආහා­ර­යට ගැනී­මෙන් මිනිත්තු පහ­කට පමණ පසුව බවත්, ඇය නින්දෙන් අවදි වී නැවත අධි­ක­රණ ශාලා­වට පැමි­ණෙද්දී අධි­ක­රණ භාෂණ පරි­ව­ර්තක වාර තුනක්ම ඇගේ නඩුව කැඳවා තිබු බවත්, ඇය නොපැ­මි­ණීම හේතු­වෙන් නඩුව කල් දැමී­මට කට­යුතු කළ බවත් එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් සදහන් කරනවා.
gossip lanka