gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාත්‍රී සමාජ ශාලාවකදී අනියම් පෙමක පැටලුණු සමාගම් ලොක්කෙකුට දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දුන් හැටි

පෞද්ගලික ආයතනයක ඉහළ පරිපාලන නිලධාරියෙකු අනියම් ඇසුරකට පොළඹවා ගෙන ඔහුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කළ තරුණියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අදාළ විවාහක නිලධාරියා සිදු කළ පැමිණිල්ලකට අනුවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හම්බන්තොට, සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණික්.

මෙම පරිපාලන නිලධාරියා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී මෙම සැකකාරිය හදුනාගෙන ඇති අතර ඉන්පසු ඔහු ඇය විවාහ කර ගැනීමට තීරණය කර සිය බිරිඳව මගහැර ඇති අතර සැකකාරිය නිතර නිවසට කැටුව පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම සැකකාරිය අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී සිට ඇති අතර ඇය තවත් තරුණයෙකු සමග එක්ව මෙම පරිපාලන නිලධාරියා නිවසේ නොමැති අවස්ථාවක ඔහුගේ නිවසට ඇතුළු වී නිවසේ තිබූ නවීන ලැප්ටොප් පරිගණකයක්, අගල් 55 රූපවාහිනි යන්ත්‍රයක්, වටිනා අත් ඔරලෝසු, විදුලි ස්ත්‍රික්කයක් සහ මුළුතැන්ගෙයි උපකරණ සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැටලීමට එක්වූ නිලධාරියෙක් සඳහන් කළේ, මෙම නිවස ආශ්‍රිතව තිබූ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka