gossip lanka

සම්බාහන මධ්‍යස්ථානයකදී වරෙන්තු 59ක් ලබා සිටි කතක් අත්අඩංගුවට!

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගනිමින් සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කර වරෙන්තු 59 ක් ලබා සිටි කාන්තාවක ජා-ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් බව බවයි.

පොලිසිය පවසන්නේ කඩවත, සූරියගම ප්‍රදේශයේ ස්ථිර වශයෙන් පදිංචි කාරියක් වන මෙම 41 වැනි වියේ පසු වන කාන්තාව, කුලී පදනම මත ලබාගත් නුගේගොඩ නාවල පාර නිවසක සිට මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම ව්‍යාපාරය පිරමීඩ ක්‍රමයට පවත්වාගෙන යන එකක් බවට හඳුන්වා දී ඇති අතර එම ක්‍රමය අනුව විශාල ලෙස මුදල් ලැබෙන බව පවසා මෙම සෝයා නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා භාරදී ඇති බවයි.
gossip lanka