gossip lanka

"වයිෆ් මේ හැමදෙයක්ම ඩොක්ටර්ට කියන්න හැදුවත් ඩොක්ටර්ස්ලා එයාට බැනලා තිබුණා.." පුංචි තෙනුකට මෙහෙම වුණේ කාගේ වරදින්ද?

මේ ලෝකේ දෙමව්පියන්ට දරුවන් තරම් වටිනා වස්තුවක් නැති තරම්..

දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න අම්මලා තාත්තලා දෙපාරක් හිතන්නේ නෑ..

ඒත් දැන් ඔවුන්ට ඒ වස්තුව අහිමි වෙලා.. මාස හයක් වයසැති මේ පුංචි මල් කැකුලට අත් වූ ඉරණම තවමත් බොහෝ දෙනෙක්ට හිතාගන්න වත් බැරි දෙයක්..

“මගේ දරුවා බළන්ගොඩ රෝහලේ තියාගන්නේ නැතිව කලින්ම කරාපිටියට එව්වා නම් ජීවිතේ නැති වෙන්නේ නෑ”යැයි තම එකම දරුවාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දුන් මැදවත්තේ ජයන්ත ධර්මසිරි කියූවේ මේ වගේ කතාවක්.. ඔහු මේ බව කියා සිටියේ පෙරේදා වැනිදා ගාල්ලේ, කරාපිටිය ශික්ෂණ‍ ‍රෝහලේ දී මාස 06ක් වයසැති මැදවත්තේ තෙනුක සසේන් ධර්මසිරි නමැති දරුවාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින්... බළන්ගොඩ, සඳගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි එම දරුවා කරාපිටිය රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ දී පෙරේදා අලුයම මිය‍ගොස් තිබුණා..

මෙම දරුවාගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකරන ලද අතර එහිදී සාක්ෂි දුන් දරුවාගේ පියා වැඩිදුරටත් මෙසේ පවසා තිබුණා..

“මියගොස් සිටින්නේ අපේ එකම දරුවා. පුතා ඉපදෙනකොට ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් හිටියා. සාමාන්‍ය දරු උපතක් සිදුවුණේ. එයාට මාස 06න් දෙන එන්නත විදීමට තිබුණේ අප්‍රේල් 20 වැනිදා. එදා ළමයාට පොඩි කැස්සක් සහ උණ ගතියක් තිබුණා. පවුල් සෞඛ්‍ය සේවිකාවට දුරකතනයෙන් කතා කර බිරිය ඒ බව කීවාම උපදෙස් ලැබුණා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දරුවා එක්කගෙන එන්න කියලා. එතැන දී වෛද්‍යවරයා බලලා කීවා පපුවේ සෙම නැහැ. ප්‍රශ්නයක් නැති නිසා බෙහෙත් විදින්න පුළුවන් කියලා. එතැනින් බෙහෙත විදලා කිව්වා වැලිගෙපොළ රෝහලට ගිහින් බෙහෙත් අරන් යන්න කියලා. වැලිගෙපොළ රෝහලට ගියාම බෙහෙත් දුන්නා. එතැන ඉන්න වෛද්‍යවරයා ඇහුවා උණ තියෙද්දි ද බෙහෙත් විද්දේ කියලා. පස්සේ අපි ළමයා එක්ක ගෙදර ගියා. එදින සවස් වන විට පුතා ගොඩක් අමාරුවෙන් හිටියේ. 22 වැනිදා මම දන්න වෛද්‍යවරයකුට දරුවා පෙන්නුවාම කිව්වා දරුවා හුස්ම ගන්නේ අමාරුවෙන්. බෙහෙත් දෙන්න බෑ. වැලිගෙපොළ රෝහලට ඇතුළත් කරන්න කියලා. එදාම රෝහලේ නතර කළා. වැලිගෙපොළ රෝහලෙන් එදාම බළන්ගොඩ රෝහලට යැව්වා. බළන්ගොඩ රෝහලේ 24 වැනිදා වෙනකම්ම තියාගෙන හිටියා. ඒ වෙනකොට දරුවාට ගොඩක් අමාරුයි. ඇතුළත් කරන කොට ඒ තරම් අමාරුවක් තිබුණේ නැහැ. බිරිය ළමයාගේ රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ගෙන් ඇහුවාම වෛද්‍යවරු බිරියට බැණලා කියලා තිබුණා අම්මාට ඒවා වැඩක් නෑ කියලා. 24වැනිදා දවල් රත්නපුර රෝහලට යවනවා කියලා. එසේ කිව්වත් හවස 4.00 වනතුරු ගිලන්රථ නෑ කියමින් තියාගෙන හිටියා. රත්නපුරයට යැව්වාම පහසුකම් මදි කියලා එදා රෑ කරාපිටියට මාරු කර යැව්වා. කරාපිටියට ගෙනාපු ගමන් ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. කරාපිටිය රෝහලේ වෛද්‍යවරු ඉතාමත් හොඳට ප්‍රතිකාර කළා. ඒ වෛද්‍යවරුන් දරුවාගේ තත්ත්වය අපට හොඳින් පැහැදිලි කරලා කීවා. පරීක්ෂණ කිහිපයක්ම කිව්වා. 12 වැනිදා උදේ 4.30ට විතර දරුවා මියගියා.”

මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කළ රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා විසින් මියගිය දරුවාගේ පටක සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා ලබාගෙන තිබුණා.. එම පරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසු මරණය සම්බන්ධ ස්ථිර නිගමනයක් ලබා දිය හැකි බව මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණා... ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය, මහාචාර්ය යූ.සී.පී.පෙරේරා මහතාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දෙමින් දේහය මවුපියන්ට භාර දුන්නා..

දිනමිණ ඇසුරෙන්... 
gossip lanka