gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"සමහරු අදටත් සීසර් කරන ගමන් මට කියනවා සමාවෙන්න සර් කියලා.." - වද සැත්කම් චෝදනාවට ලක් වූ වෛද්‍ය ෂාෆි

තමන් කෙරෙහි ගැබිණි මව්වරුන් තමා තිබූ විශ්වාසය කිසිදු දිනක කඩ නොකළ බව වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අවස්ථාවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව සහ ජනමධ්‍ය අවභාවිත කිරීම යන තේමාව යටතේ පැවැති සංවාදයකට එක්වෙමින්.

කුරුණෑගල අවට සිටින ගැබිණි මව්වරුන් අදටත් තම වෙත පැමිණ දරු ප්‍රසූතිය සිදු කරගන්නා බවයි වෛද්‍යවරයා එහිදී කියා සිටියේ.

"අපි සියලු දෙනාම මේ රටට ආදරෙයි. අපි සියලු දෙනාම ඊළඟ පරම්පරාවට හොඳ රටක් හදලා දෙන්න අවශ්‍යයි කියලා කියන මතයෙන් ජීවත් වෙන මනුස්සයෙක් මම.

මේ රට මට කරපු අපරාදයට රට දාලා යන්න ඔනේ කියලා හිතන පළමු කෙනා මම වෙන්න ඔනේ. නමුත් මම කවදාවත් එහෙම හිතලා නැහැ.

මම ඒ දවස්වල ගත කළේ ඔයාලා හැමෝම දන්න මාකඳුරේ මධූෂ් එක්ක. මම ඔහුගෙන් දැක්ක මනුස්සකම පාර්ලිමේන්තුවේ සුදු ඇඳගත්ත මිනිසුන්ගෙන් දැක්කේ නැහැ.

සමස්ත සිංහල අය වෙනුවෙන් සමාව ඉල්ලපු කිහිප දෙනෙක් ඉන්නවා. කුරුණෑගල ශික්ෂණ රෝහල මගේ මහගෙදර කියලයි මම හිතන්නේ.

වෛද්‍යවරයෙක් විදිහට මම සේවය කරන කාලය තුළ කවදාත් මුස්ලිම් වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරලා නැහැ. මගේ ළඟ පෝළිමේ ඉන්නේ සිංහල ජනතාව.

මම කවදාවත් ඒ විශ්වාසය නැති කරලා නැහැ. ඒ ආත්ම විශ්වාසය උඩ තමා ආපහු කුරුණෑගල ශික්ෂණ රෝහලට යන්න ඔනේ කියලා හිතුණේ.

අදට කුරුණෑගල අවට ඉන්න මිනිස්සු මගෙන් ඩිලිවරිස් කරගෙන යනවා. අදටත් සමහර අය සීසර් කරන ගමන් කියනවා. සර්, මට සමාවෙන්න සර්.. සමාජය තුළ සිදු වුණ හානි නිසා මම ඔයාට විරුද්ධව පැමිණිලි කළා කියලා.

මේ බෞද්ධ දර්ශනය පිළිපඳින රට වෙනත් රටවලට ආදර්ශයක් වෙන්න ඔනේ."
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka