gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටි ගාණක චීන හදවත් දිනූ ලංකාවේ මල් කුමාරයා: තමන්ගේ දවස අනිවාර්යයෙන්ම එනවා. එතකල් ඉවසන්න.. දිලිප් අපිට කියන්නේ අන්න ඒ කතාව

අවුරුදු ගාණක් තිස්සෙ එකම දේ කරමින් පැහැදිලිව නොපෙනෙන සාර්ථකත්වයක් හොයාගෙන අතනෑර ඉස්සරහට යන මිනිස්සු ගැන එදිනදා ජීවිතයේ අපිට අහන්න දකින්න ලැබෙනවා.

නමුත් ඒ ජීවිතවලින් බහුතරය අතරමඟ තමන්ගෙ ගමන අතහැර දාන්නෙ, ''මේ වැඩේ තේරුමක් නෑ'' වගේ අදහසක් හිතේ තියාගෙන.

ඊට පස්සෙ තව තව දේවල් ට්‍රයි කරලා බලනවා, කොතනින් හරි පටන් ගන්න ඕනියි කියන අරමුණ ඇතිව.

මේ වෙනකොටත් ඔබ හොඳින්ම දන්නා ''මල් කුමාරයා'' ඉහත හැඳින්වීමට කදිමට ගැළපෙනවා. වෙනස තියෙන්නෙ ඔහු තම උත්සාහය අතනෑරිය එක.

ඒකෙ ප්‍රතිඵලය අද ලෝකයේ වැඩිම පිරිසක් අතරෙ දිලිප් නම් ඔහු ජනප්‍රිය වීම.


ලෝකයක් අවදානය දිනූ දිලිප්ගේ වීඩියෝව චීනයේ කෝටි 13කට එහා නැරඹුම් වාර දිනාගෙන.

බොහෝදෙනා ඔහුට ආකර්ෂණය වෙලා තිබුණෙ ඔහුගේ සිත් ඇදගන්නා සුළු හිනාවට. ඒ වගේම සිය ජීවන අරමුණ කරා වූ ජවයට.

කොත්මලේ ප්‍රදේශයේ වෙසෙන ඔහු තවම පසුවන්නේ 17 වැනි වියේ. දිලිප්ගේ පාසල් ගමන නතර වෙන්නෙ 10 වසරේදී. එතැන් පටන් ඔහු සිය පවුල නඩත්තු කරන ජීවනෝපාය බවට පත්කර ගන්නේ මල් අලෙවිය.

''2014 පටන් ගත්තෙ.

ඉස්කෝලෙ ගිහින් ඇවිත් 2ට විතර පාරට එනවා මල් හදාගෙන.

උදේ 9ට විතර ඇවිල්ලා මල් හදාගෙන උඩට පල්ලෙහාට දුවනවා.

6.30ට විතර යනවා.

දවසට මල් මිටි 2ක් විතර විකුණගන්න පුළුවන් දවසුත් තියෙනවා. බැරි දවසුත් තියෙනවා.''

එලෙස වූ දිලිප්ගේ ජීවන අරගලයේ පිම්මකි, චීන හදවත් දිනූ සිතුවමක් ලෙස මැවෙන්නේ.

මලක් විකුණාගෙන කාසි හොයන්න දිලිප් කිලෝමීටර් ගණන් කඳු පාරවල්වල සංචාරක බස් පස්සේ වැටෙන වාර අනත්තයි. නමුදු ඒ මහන්සියට වටිනාකමක් ලැබෙන්නෙ එහෙමත් වෙලාවකට.

එවන් ගමනක ඔහු ලද මේ මහා පිළිගැනීම සැබවින්ම වාසනාවක්.

ඉතින්, දිලිප්ගේ කතාව මෑත කාලීනව අපිට අහන්න ලැබුණු ධනාත්මක උත්තේජනයක් බවත් කිව යුතුමයි...

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka