gossip lanka

"මට එයා ගැන කිසිම සැකයක් නෑ.. ඒ තරමට මං එයාව විශ්වාස කළා.." කාලයක් තිස්සේ දැක්ක හීනයට යන්න පාර පෙනි පෙනී ඇගේ කතාවට අත්වුණු අවසානය මෙන්න

නිලියක්.. ඒක පුංචි කාලේ ඉඳලාම වාසනාගේ තිබුණ හීනයක්.. 

ඇත්තටම ඇය අවුරුදු ගණනාවක් බලාගෙන හිටියා මේ අවස්තාව ලැබෙනතුරු..

නිලියක් වෙන එක ලේසි වැඩක් නෙවෙයි.. කොළඹින් ටිකක් ඈත ජීවත්වුණ වාසනා මේ නිසා නිරූපිකාවක් වෙන්න තීරණය කළා.. ඒ ගැන දැනගන්න ඉගෙනගන්න ඇය එන්න ආවේ කොළඹට..

කොහොම හරි මෙහෙම ටික කාලයක් යනකොට ඇයට අවස්තාවල් ලැබෙන්න පටන්ගත්තා..  ඉතින් කලායක් යද්දී නිරූපණ  ක්ෂේත්‍රයේ කාර්‍යබහුල ශිල්පිනියක් වුණ ඇය කොළඹම ජීවත් වෙන්න තීරණය කළේ ඇගේ ඒ වැඩවලට පහසුවක් වෙන්නා.. වාසනා කොහොමහරි තමගේ ඉලක්කයටම යන තරුණියක්..

මේ අතරතුරයි ඇයට අහම්බෙන් අධ්‍යක්ෂකවරයෙක් මුණ ගැහෙන්නේ.. ඔහු කඩවසම් තරුණයෙක්.. ඒ වගේම අතේ මුදල් ගැවසෙන පුද්ගලයෙක්.. ඒ නිසාමදෝ වාසනාත් ඇයට ටිකක් ළංවුණා..

මහන්සියෙන් වැඩ කරලා තමන් උපයන් මුදලට වඩා වැඩි ගණන්වලට ඇයට අලුත් අලුත් වැඩ හොයලා දෙන්න ඇගේ මේ අලුත් මිතුරාට පුළුවන් වෙලා..

ඒ අතර තමයි ඇයට චිත්‍රපටයකට දායක වෙන්න අවස්තාව ලැබෙන්නේ.. මේ  අවස්තාව ලැබෙන්නෙත් ඇගේ අර මිතුරාගෙන්.. ඔහු ඊට පස්සේ අධ්‍යක්ෂණය කරපු වැඩකටත් ඇයට කතා කළා... ඒ අතරතුර කාලයේදී ඇය තේරුම් ගත්තා ඔහු හොඳ අදහස් තියෙන මනුස්සයෙක් කියලා...

ඒකත් එක්ක ඔවුන් දෙදෙනාගේ සම්බන්ධකම් හිතනවාට වඩා දුර ගිහිල්ලා.. ඒක ආදරයක් කියලා වාසනාට හිතුනාට මේ අධ්‍යක්ෂකවරයාට නම් ඇය තවත් කෙනෙක් විතරයි..

ඒත් අවසානයේ ඇයට ඔහු ගැන සැකයක් හිතුණේ නැහැ, දවසින් දවස තමගේ හීනයට යන්න උදව් කළ ඔහු ගැන ඇය කොහොම නම් වැරදියට හිතන්නද..?

ඒත් කාලයක් යනකොට ඇයට වුණෙත් ඇය මීට කළින් ඇසුරු කළ කෙල්ලන්ට වගේම ඔහුගේ ලංසුවට එක ඉත්තෙක් වෙන්න.. මේ තරම් කාලයක් ඇය හදාගත්ත ජීවිතේ දැන් වෙනස් පාරක..

වාසනාගේ අරමුණුවලට මොනවා වෙයිද..? හීනයක් නිසා ඇය අන්ධ වෙලා.. ඔහු මේ කළ රඟපෑම ගැන ඇයට තේරෙනකොටත් ආපස්සට හැරෙන්න බැරි තරම් දුරකට ඇය ගිහින්.. 
gossip lanka