ඉන්දීය ප්‍රිමිය ලීගය මේ දිනවල ඉන්දියාවේදී පැවැත් වෙනවා.
මේ අතරම ශ්‍රී ලංකා 20-20 නායක වනිඳු හසරංග ඉන්දීය ප්‍රිමිය ලීගයට සහභාගී වෙනවාද නැත්ද යන්න ගැන ශ්‍රී ලංකා - ඉන්දීය ක්‍රීඩාලෝලීන් අවධානයෙන් සිටි කරුණක් වුණා.
ලැබෙන ආරංචි මාර්ගවලට අනුව වනිඳු හසරංග මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයට සහභාගී නොවන අතර ඒ ඔහුගේ විළුඹේ ආබාධ තත්වය හේතුවෙනුයි.
වනිඳු හසරංග මෙවර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබුණා.
(මාධ්‍ය වාර්තා ඇසුරෙන්)