gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සූර්යා වෙනුවට නුවන් තුෂාර කැඳවයි : මුම්බායි හිස්වැස්ම බුම්රා, නුවන්ට පළඳවයි

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට අයි.පී.එල්. වරම් දිනාගැනීමට අද අවස්ථාව හිමිවුණා.

ඒ අනුව ඔහු Impact Player අවස්ථාවේදී සූර්යකුමාර් යාදව් වෙනුවට කැඳවනු ලැබුවා.

මෙහිදී නුවන්ට අයි.පී.එල්. වරම් හිමිකර ගැනීම සංකේතවත් කරමින් මුබ්බායි ඉන්දියන් හිස්වැස්ම, ජස්ප්‍රිත් බුම්රා විසින් පිරිනමනු ලැබුවා.

...............................................................

නුවන් තුෂාර අද IPL වරම්?, ආදේශ ක්‍රීඩකයා ලෙස නම්කිරීමට වැඩි අවස්ථාවක්

මුම්බායි ඉන්දියන්ස් හා රාජස්ථාන් රෝයල්ස් අතර ජයිපූර්හිදී දැන් (22දා) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට අයි.පී.එල්. වරම් හිමිවීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හර්ඩික් පාන්ද්‍යා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී ඔහු පවසා සිටියේ කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුවන බවයි.

කෙසේ වෙතත් මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙන බැවින් නුවන් තුෂාර කණ්ඩායමේ 11 දෙනා අතරට නම්කර නොමැත.

ඒ අනුව නුවන්ට අවස්ථාවක් හිමිවනවානම් එම අවස්ථාව හිමිවන්නේ ආදේශ ක්‍රීඩකයා (Impact Player) අවස්ථාවේදීයි.

එම අවස්ථාව බොහෝ දුරට නුවන් තුෂාරට ලැබෙනු ඇති බව සඳහන්.

මන්ද මුම්බායි නම්කිරීමට බලාපොරොත්තුවන ආදේශ ක්‍රීඩකයන් අතර සිටින එකම විදෙස් පන්දු යවන්නා නුවන් පමණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka