gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අත්අඩංගුවට ගත් රියදුරන් සියල්ල පාපොච්චාරණය කරයි

2024 ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලියේ සිදුවූ බිහිසුණු අතරතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.

එම ධාවකයින් දෙදෙනා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් අප්‍රෙල් (30) වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්වරයා එම මෝටර් රථ ධාවකයින් දෙදෙනා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

බිහිසුණු අනතුර සම්බන්ධයෙන් එම රියදුරන් දෙදෙනා සදහන් කළේ,

” සර් පළවෙනි රවුම ආරම්භ කළා. දෙවැනි රවුම එනකොට එතන පල්ලම් බහිද්දි එතන තරග ස්ථානයේ ලොකු දූවිල්ලක් තිබුණා. අපි ටිකක් පාලනය කරන්න බැලුවා ඒත් එකපාරට ඇතුළට යනකොට ඉස්සරහින් තව මොකක්හරි යමක් වදිනවා වගේ දැනුණා. ඒත් එක්කම තව පිටිපස්සෙන් ආපු වාහනයක් මගේ වැදුණා. ඒත් එක්කම මට දැනුණා මගේ වාහනය පෙරළෙනවා වගේ. ඊට විනාඩියකට විතර පස්සේ මම හෙල්මට් එක ගලවලා ඇතුළෙන් ආවා.”

” මම දැක්කේ නැහැ පෙරළිලා තියෙනවා කියලා. පෙරළිලා තිබිලා තියෙනවා. යනකොට පෙනුණේ නැහැ. මම දකුණු පැත්තෙන් ගියේ. ඊටපස්සේ මගේ අතින් මේ පැත්තට කැපුණා. කාර් දෙක මැදින් ගියා දකුණු පැත්තට.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka