gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැකියාව නිමවා නිවසට යමින් සිටි හෙද සොයුරිය, සිමෙන්ති ලොරියට බිලි වෙයි

රැකියාව නිමවා සිය සැමියා සමග යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටි කළුබෝවිල ශීක්ෂණ රෝහලේ හෙද සොයුරියක් ඊයේ අලුයම සිමෙන්ති පැටවූ ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ පිළියන්දල ජාලියගොඩ විජය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනූෂා ක්‍රිෂාන්ති ලියනගේ නමැති (47) දෙදරු මවකි.

ඇය වාට්ටු අංක 11 ප්‍රධාන හෙද සොයුරිය ලෙස කටයුතු කළාය.අනතුරින් ඇයගේ සැමියා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මියගිය හෙද සොයුරියගේ සැමියා ද පෞද්ගලික රෝහලක තාක්ෂණ කළමනාකරුවකු ලෙස සේවය කරන අතර,ඔහු සේවය නිමවීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල අසලට ගොස් සිය බිරිය ද යතුරු පැදියට නංවාගෙන ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව ඔවුන් දෙදෙනා නිවස කරා පැමිණෙමින් සිටිය දී රාත්‍රී ආහාර ද මිලදීගෙන තිබූ අතර, නිවසට මීටර් පනහක් පමණ තිබිය දී සුපිරි වෙළෙඳසලක් ඉදිරිපිට දී ඔවුන්ට පිටුපසින් පැමිණි සිමෙන්ති කොට්ට පැටවූ ලොරියක වැදී අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කළේය.එහිදී මිය ගිය හෙද සොයුරියගේ සැමියා මාර්ගයේ වම් පැත්තටත් හෙද සොයුරිය මාර්ගයේ දකුණු පැත්තටත් වැටීමෙන් ලොරියේ පිටුපස රෝද දෙකට හිස යටවීමෙන් ඇය එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.

හෙද සොයුරිය සහ ඇගේ සැමියා අනතුරට ලක්වීමත් සමගම ලොරිය තවත් මීටර් අටක් පමණ ඉදිරියට ගොස් නතර වී ඇතැයි පොලිස් විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා අනතුරු සිදු වූ ස්ථානයට පැමිණ මූලික විමර්ශන පවත්වා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ තැන්පත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

සිමෙන්ති ලොරියේ රියදුරු අත්අඩංගුවට ගත් පොලිසිය, ඔහු මත්පැන් පානය කර සිටී දැයි පරීක්ෂා කිරීම සඳහා පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු වෙත ඊයේම ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර, ඔහු මත්පැන් පානය කර නොමැති බවට අනාවරණය වී ඇති බව පොලිසිය කීය.

සැකකාර රියදුරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka