gossip lanka

වැඩේ සරුවටම කරගෙන ගිහින් තියෙන්නේ යූ ටියුබ් නාලිකාවකින්ලු.. නම් තුනකින් පෙනී සිටි ජ්‍යොතිෂවේදියා ලක්ෂ ගාණක බඩුත් එක්ක පොලිස් දැලට කොටු වුණ හැටි මෙන්න

මේක කාලයක් තිස්සේ කරගෙන ගිය ජාවාරමක්..

ඒ වගේම මේ ජාවාරම අහුවෙච්ච පිරිස අතර විදේශරටවල සිටින ශ්‍රී ලාංකිකයොත් ඉන්නවාලු.. 

කොහොම වුණත් දැන් නම් ඔහුගේ සෙල්ලම් ඔක්කොම ඉවරයි.. මේ කියන්න යන්නේ හදහන් මුවා කරගෙන කරපු තවත් නොමනා ක්‍රියාවක් ගැනයි..

ජ්‍යොතිෂවේදියකු ලෙස පෙනී සිට දේවාලයක්ද පවත්වාගෙන යමින් ජනතාව මුළා කර රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදල් හා රත්රන් වංචනිකව ලබා ගත් පුද්ගලයකු අඟුරුවාතොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...

මෙම පුද්ගලයා ආචාර්ය උපාධියක් සහ තවත් ගරු නම්බු නාම පදවි රැසකින් පිදුම් ලැබූ ජාත්‍යන්තර සම්බන්ධතා ඇත්තෙකු බවට හඟවා ඇති නමුත් ඔහු සාමාන්‍ය පෙළ හෝ සමත් නැති අයකු වන අතර, නම් තුනකින් පෙනී සිට තිබෙනවා..

මෙහිදී යූ ටියුබ් නාලිකාවක පළකර තිබූ දැන්වීමක් අනුව කළුතර ප්‍රදේශයේ කාන්තාවක් තම දියණියගේ කේන්දරය රැගෙන දියණිය සහ සැමියා සමඟ මෙම පුද්ගලයා හමුවට ගොස් තිබෙනවා..

අනතුරුව සැකකරු කේන්දරය පරීක්ෂා කිරීමෙන් පසු ඇයට අපල උපද්‍රව රැසක් තිබෙන බවත්, එය දුරු කර නියම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පිරිසිදු රනින් නිමවන ලද සුරයක් රන් මාලයක ගැටෙන අයුරින් දැමිය යුතු බවත් පවසා තිබූ බවයි පොලිසිය පවසන්නේ..

ඒ අනුව එම කාන්තාව දින කීපයකට පසු සැමියා සමඟ මෙම පුද්ගලයා හමුවට ගොස් පවුම් දෙකක රන් මාලයක් ඔහු වෙත ලබා දී තිබූ අතර, ජ්‍යොතිෂවේදියා යැයි කියූ සැකකරු එම රන්මාලය දිග මැන බර කිරා ජංගම දුරකතනයකින් වීඩියෝද ගත කර ඔහු භාරයට ගෙන පවුමක සුරය සෑදීම සඳහා ඔහු විසින් නම් කරන ලද හොරණ ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳසලකට මුදල් ලබා දී රිසිට් පත ඔහු වෙත ලබා දෙන ලෙස උපදෙස් ද ලබා දී තිබෙනවා..

සිය දියණියගේ අපලය දුරු කිරීම සඳහා ඉක්මනින් වැඩ කටයුතු සිදු කිරීමට අවශ්‍ය බැවින් එයද ඔහු කියූ ආකාරයටම මුදල් ගෙවා මෙම පුද්ගලයා වෙත ලබා දීමට කටයුතු කිරිමෙන් අනතුරුව සෙනසුරාදා දිනයක පූජාවට පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා..

සැකකරු පැවසූ ආකාරයෙන් දියණිය සමඟ පූජාවට සහභාගි වුවද එදින සුරය පැලඳවීමට සැකකරු කටයුතු නොකිරීම හේතුවෙන් ඒ පිළිබඳ විමසීමේ දී එය දින 30ක් ජප කිරීමට අවශ්‍ය බවයි සැකකරු පවසා ඇත්තේ..

ඒ ආකාරයෙන් වසරකට අධික කාලයක් විවිධ හේතු කියමින් මඟහරිමින් මෙම සැකකරු එම වංචාව සිදු කර ඇති අතර, ඇමතුම් ලබා දෙන සෑම මොහොතකම සැකකරු දුර බැහැර ප්‍රදේශවල මෙන්ම සාකච්ඡා සම්මන්ත්‍රණ ආදියවල නිරත වන ප්‍රභූ පුද්ගලයකු බවට හුවා දක්වමින් පැමිණිලිකරුවන් හිතාමතා මඟහැර ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා..

මේ ආකාරයට සැකකරු මෙරට සහ විදේශගතව සිටින පිරිස් රවටා රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කර ඇති බවයි පොලිසිය පවසන්නේ..

ජ්‍යොතිෂවේදියා යැයි කියනු ලබන සැකකරු බොහෝ විට ප්‍රමුඛස්ථානය ලබා දෙනු ලබන්නේ ඈත ගම් දනව්වල සිටින කාන්තාවන් සහ විදේශගතව රැකියාව කරන කාන්තාවන්ගෙන් ලැබෙන දුරකතන ඇමතුම් සඳහා බවත් පොලිස් විමර්ශනවල දී විශේෂයෙන් අනාවරණය වී තිබෙනවා..

සැකකරු ඔහුගේ මෙම කූට වංචාව සඳහා තැ‍රැව්කරුවන් රැසක් අන්තර්ජාලයේ මෙන්ම දේවාලය අවටද යොදා ගෙන ඇති අතර, එම සමහර තැ‍රැව්කාර පුද්ගලයන් වෙත කුලී පදනම මත සුඛෝපභෝගී වාහන ද ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ..

එහිදී ඔහුගේ පිහිට පතා එන සමහර පුද්ගලයන්ට එම තැ‍රැව්කරුවන් තමන් අද මෙවැනි දියුණු තත්ත්වයට පත්ව ඇත්තේ මෙම දේවාලයේ පිහිටෙන් බවත් පවසමින් පැමිණෙන මිනිසුන් තව තවත් මුළා කර තිබෙනවා..

අනතුරුව පොලිසිය අඟුරුවාතොට පොලිසිය විසින් අඟුරුවාතොට, යාල අකුරුකළවිට පාර පදිංචි 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
gossip lanka