gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කතුන් දෙදෙනෙකුගේ ඇසුර ලැබූ පුද්ගලයෙක් රජයේ වියදමින් අවසන් ගමන් යයි

මහනුවර, ගැටඹේ දියකපනාතොට විහාරස්ථාන භූමියේදී පහර දී ඝාතනය කර තිබුණු පුද්ගලයාගේ මළ සිරුර ඔහුගේ බිරින්දෑවරුන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂ කර තිබෙනවා.

කුලී පදනම මත හෙම්මාතගම, අරකොටවැල්ල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ දෙවන විවාහයේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ, දේහය තම නිවසේ තැන්පත් කිරීමට ඉඩකඩ නොමැති බව යි.

ඔහුගේ පළමු විවාහක බිරිඳ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටින බව ත් දික්කසාද වී සිටින බැවින් ඇය ද දේහය භාර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරනවා.

ඒ අනුව, දේහය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම නිසා රජයේ වියදමින් මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා පොලිසිය පියවර ගෙන ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර රෝහලේදී අද සිදු කර ඇත.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගත් දියකපනාතොට විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම සහ සිවිල් ආරක්ෂක නිලධාරියා අප්‍රේල් 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග පොර බැදීම නිසා ඇති වූ බව කියන තුවාල හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka