gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රපාතයට වැටෙන්න ගිය බස් රථය කන්දක හප්පා ජීවිත 50ක් බේරාගත් ලංගම රියැදුරා!

නාවලපිටිය දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් 09 වැනිදා මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් බස් රථයේ ගමන් ගත් 9 දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව නාවලපිටිය පොලිසිය පවසයි. 

පාසල් සිසුන් තිදෙනකු,මගීන් පස් දෙනකු සහ බස් රථයේ රියදුරා මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත. නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, ඒ සමගම බස් රථය රියදුරු පාලනයෙන් මිදීමත් සමග බස් රථයේ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අභියස පිහිටි කන්දක ගැටීමට සලස්වා බස් රථය නතර කරගෙන ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

බස් රථය අනතුරට පත් වූ ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මීටර් 300 ක පමණ අධික බෑවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරැළීම වළක්වා ගනිමින් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බව පොලිසිය කියයි.බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුළු මගීන් 50 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, එම බස් රථය පාසල් ළමුන් ප්‍රවාහනය කිරිම සඳහා ධාවනයට එක් කර ඇති බස් රථයක් බවත්, බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබියදී නාවලපිටිය ලංගම ඩිපෝවේ කාර්මික අංශයේ නිලධාරින් එම බස් රථය යළිත් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇති බස් රථයක් බව නාවලපිටිය ඩිපෝවේ නිලධාරියෙක් පැවැසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka