gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උමා ඔයේ විදුලි ජනන යන්ත්‍ර දෙකට අපි දෙන්නාගේ නම් දැම්මාම කකුල් වෙව්ලන්න පටන් ගත්තා - ටර්බයින් දෙකක ලියැවුන කාන්තාවන්ගේ කතාව!

ඉරාන ජනාධිපතිවරයා අතින් ඊයේ විවෘත කරන්නට යෙදුණු උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ මෙගාවොට් 60 බැගින් වූ විදුලි ජනන යන්ත්‍ර දෙක සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු නමින් නම් කර තිබේ. මෙය සිදුකර ඇත්තේ එම වැඩ සිදු කළ සමාගමයි.

දසුනි හා චුලෝචනා යන දෙන්නාට උපහාර පිණිස මෙම ටර්බයින නම් කිරීම පසුපස කථාව

 මේ වන විට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ කුරුණෑගල ශාඛාවේ ගුරුවරියක් හැටියට සේවය කරනු ලබන දසුනි සචින්ද්‍රා ලුවිස් මහත්මිය මෙසේ පැහැදිලි කළාය.

“උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ටර්බයිම (ව්දුලි ජනන යන්ත්‍ර)අංශයේව්‍යපෘති ලේකම් ලෙස වසර හයසේවය කළ මගේ නමත් මට සහය දැක්වූ චුලෝචනා නංගීගේ නමත් ටර්බයිම දෙකට දැම්මා කියන ආරංචියත් සමග අපේ දෙන්නාගේ කකුල් වෙව්ලන්න පටන් ගත්තා“

උමා ඔය ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කළ ඊයේ දිනයේ දසුනිගේ නමත් චුලෝචනාගේ නමත් ඇතැමුන් නිතර කියවමින් ඒ දෙදෙනා ගැන විපරමි කළත් එම දෙදෙනා නෙත නොගැටුණේ ඔවුන් වැඩ බිමට සමුදී වෙනත් රැකියාවලට ගොස් සිටි නිසාය.කෙසේ වෙතත් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචියට ගොස් සිටින දසුනිව දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට හැකිවීමත් සමග ටර්බයිම දෙකට නම් දැමීමේ සත්‍ය කතාව දැන ගැනීමට හැකිවිය.දසුනි සචින්ද්‍ර ලුවිස් මහත්මිය මෙසේ පැවසුවාය.

අද දවසේ උමා ඔයේ ටර්බයිම දෙකට තේ හදපු කෙල්ලෝ දෙන්නෙක්ගේ නම් දාලා කියලා සමාජ මාධ්‍යයෙන් සහ ප්‍රවෘත්ති වලින් ප්‍රචාරය වුණා. ඒක මහා බොරුවක්. අපි දෙන්නාට ඒක නිසා අවමානයක් සිදු වුණා. මම උමා ඔයේ ටර්බයින් අංශයේ ව්‍යපෘති ලේකම් චුලෝචනා නංගී කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක්. අපි දෙන්නා ටර්බයිම අංශයේ සේවය කරද්දී ඉරානයේ ඉංජිනේරුවන් සමග සුහදව වැඩ කළා. උපරිමයෙන් හා කැපවීමෙන් උමග ඇතුළේත් කාර්යාලයේත් සේවය කළා.

කාලයක් යද්දී ඒ රටේ ඉංජිනේරුවන් සහ නිලධාරීන් කිවුවා අපි දෙන්නාගේ නම් දෙක ටර්බයිම දෙකට දානවා කීවා. අපි විහිළු කරන්න එපා කියලාත් කිවුවා. මෙතන වැඩ කරන්න හිටපු කාන්තාවන් දෙන්නත් අපි දෙන්නා විතරයි. මෙවැනි දැවැන්ත විදේශීය රටකින් කරගෙන යන ව්‍යපෘතියකට අපේ නමක් දානවා කියන්නේ හීනයක්. අපි දෙන්නා නිතර මේ විහිළුව ගැන කතා කළා. ඇතැම් අවස්ථාවල දී සමහර ඉංජිනේරුවන් කිවුවා ටර්බයිම හයිකරද්දී ළඟයින්ම වැඩ කරන ගෑනු අයගේ නම් දාන කතාවකුත් කිවුවා. ඒත් අපිට විහිළුවක් විතරයි.

අනේ දවසක් ඇත්තටම අපි දෙන්නගේ නම් දෙක ටර්බයිම දෙකට දාලා අපිට පෙන්නුවා ඒ වෙලාවේ කකුල් වෙව්ලලා අපිට ක්ලාන්තය වගේ හැදුනා.

අපිට හිතා ගන්නා බෑ. හිතේ තිබුණ හීනය අපිට සැබෑ වුණා. ජීවිතයේ ලබන්න තිබුණ ලොකුම සතුට අපි එදා ලැබුවා. ඇත්තටම මමත් චුලෝචනාත් අපිට ලැබුණ රැකියාව අවංකවම හා උපරිමෙන් කළා. හිතේ තිබුණා ශක්තියත් සමග උමගක් ඇතුළේ අපි වැඩ කළා. අපි කළ කැපවීමට ඒ රටේ අය අපේ නම් දෙක පවා ටර්බයිමයට දැම්මා. නමුත් අද ඊයේ අපිට එතනට යන්නවත් අපේ අය අවස්ථාව දන්නේ නෑ. ඒ කියන්නේ ආරාධනාවක් නෑ.ඇත්තටම විවෘත කළ දවසේ අපි යන්න ආසාවෙන් හිටියා. අපිට ඒක මග හැරුණා. අපේ රටේ හැටි එහෙම වෙන්න ඇති.

2016 වසරේදී තමයි මම රැකියාවට ගියේ. අපි දෙන්නාම වසර හයක් එක දිගට වැඩ කළා. 2022දී උමග මැදින් ගලා ආ ජල දහරාවක් නතර වෙන්නේ නැති නිසා වසරක කාලයක් වැඩ නතර කළා. මම වැල්ලවාය කරඳගොල්ලේ පදිංචිකාරිනියක් වුණත් ස්වාමියා හා දරුවා සමග කුරුණෑගලට ආවා. මම දැන් ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස සේවය කරනවා. චුලෝචානා නංගී ගැන ආරංචියක් නෑ.

කෙසේ වෙතත් අද උමා ඔය විවෘත කළා කීවාම මට ලොකු සතුටක් දැනුණා යැයි ඇය පැවසීය.

චුලෝචනා සංජීවනී මෙසේ පැවසුවාය.

“මම ජීවිතේ ලබන්න ඕනෑ සතුට ලැබුවා. වෙල්ලස්සේ ඉපදිලා සුළු රුකියාවක් කළ මටත් දසුනි අක්කාටත් මේ වගේ ගෞරවයක් විදේශීය රටකින් ලැබෙයි කියලා අපි දෙන්නා හීනයකින්වත් හිතුවේ නෑ. මම 2017 දී උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් අංශයේ වැඩ කළා. ඒමී හිටපු ඉංජිනේරුවරුන් අපි දෙන්නාගේ නම් දෙක ටර්බයින් දෙකට දානවා කීවා. අපි හිතුවේ විහිළුවක් කියලා. බලද්දී නම් දෙක දාලා. අපිට තාම ඒක හීනයක්. මට හිතා ගන්නවත් බෑ.

ඉරාන ජනාධිපතිටත් අපේ රටේ ජනාධිපතිතුමාටත් මම ස්තූති කරනවා අපි දෙන්නාට දුන්න ගෞරවය ගැන. ඊයේ උමා ඔය විවෘත කළා, අපිට යන්න බැරි වුණා. ඒත් මට ඉතාම සතුටුයි."

(ප්‍රසන්න පත්මසිරි)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka