gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරවින්ද කොළඹ කොටස් හොල්ලයි.. දැවැන්ත කොටස් ගණුදෙනුවක!

අප්‍රේල් 01 වන සඳුදා දිනයේ දී කැපීපනෙන කොටස් ගනුදෙනුවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය.

එහිදී Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 27.32% ක් හෙවත් කොටස් මිලියන 274 ක් සමාගමේ දෙවැනියාට විශාලතම කොටස් හිමියා වන ARRC CAPITAL (PVT) LIMITED විසින් අලෙවි කර තිබුණි. මෙම කොටස් ගනුදෙනුවල වටිනාකම රු. බිලියන 1.5 ඉක්මවා ඇත.

මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් Ambeon Capital PLC සඳහන් කරන්නේ අදාළ කොටස් ගනුදෙනුවල දී සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 11.97% ක් හෙවත් කොටස් මිලියන 120 ක් මිල දී ගැනීමට ARCASIA Investments and Trading Ltd නම් සමාගමක් විසින් කටයුතු කර ඇති බවයි.

මේ අතර කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ ARRC CAPITAL (PVT) LIMITED විසින් කළ මෙම කොටස් විකිණීමේ දී, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා විසින් ද Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 10%කට වැඩි ප්‍රමාණයක් මිල දී ගැනීමට පියවර ගෙන ඇති බවයි.

– biz.adaderana.lk
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka