gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෂාන්ගේ පුතාට මනමාලිගේ ගෙදර තහනම් වෙයි – අම්මා අප්සාරි ඊට පස්සේ කරපු දේ!

හෂාන් තිලකරත්න වගේම අප්සාරි සිංහබාහු තිලකරත්න කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන ආදර්ශමත් යුවලක්.

ඔවුන් දෙදෙනාගේ වැඩිමහල් පුතා පහුගිය දවසක විවාහ වුණේ බොහොම චාම් විවාහ උත්සවයකින්.

ඒ මංගල සීනු හැඩවිලා වැඩි කල් යන්න කලින් ඔවුන්ට තවත් විවාහ මංගල්‍යයකට සූදානම් වෙන්න වෙලා.

ඉතින් ඔවුන් දෙපලගේ තවත් දරුවෙක් පසුගිය දවසක විවාහ වුණේ ගොඩක් සරල විවාහ මංගල උත්සවයකින් අනතුරුවයි.

අපේකම අඩු නැති මේ විවාහ උත්සවයේදී ඔවුන්ග් ගිලිහී යන අපේ සංස්කෘතියට අලුත් පණක් ලබා දීලා.

මේ බලන්නකෝ ඒ අපූරු අවස්තාව.

ඒ වගේම ගිලිහී යන මේ සංස්කෘතියේ වටිනාකමත් ඒ ගැන දැනුවත් කළ පිරිසටත් ස්තූතිවන්ත වෙන්න අප්සාරි අමතක කරලා නැහැ.

“ඕනෑම රටකට ජාතියකට මහා රුකක් සේ ශක්තිමත්ව නැගීසිටිය හැක්කේ සංස්කෘතික මුල් නොසිදී ගියහොත් පමනි. තාමත් මේ පිළිබදව කරුණු කාරණා දන්නා ගැමියන් අපේ පිටිසර ගම්වල සිටී. ආදි ගැමි සිරිතට විරිතට මා හරි ප්‍රිය කරන කෙනෙකුන් වශයෙන් දිනක් මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග විමසා සිටියා අපේ වියැකී යන උඩරට මගුල් තුලා එදවස කෙරුණු අයුරු . ඔහු පැවසු බොහෝ කාරණාවලින් මා සිත් ගත් එක් අංගයකි මගුල් තහංචි කවි. ඉතින් පුතාගේ විවාහ ගිවිස ගත් දා මා මට තේරුම් ගිය පරිදි ඒ අපූරු අංගය එක්ව ඉදිරිපත් කලා . ස්තූතියි අනූ නංගී කවිටික හොයලා දුන්නාට “

එදා විවාහයක් ලේසි පහසු උනේ නෑ මොකද චාරිත්‍ර වාරිත්‍ර වගේම විවිධ ඇදහිලි විශ්වාස බෝමයක් තිබුන නිසා.අද අපි කතා කරන්නේ මනාලයකුට මංගල අවස්තාවේ මූහුණ දෙන්න සිදුවන අසීරු කටයුත්තක් වන “තහංචි” පිළිබදවයි.වරිග පරම්පරා දෙකක් එකතු වෙන කොට ඔවුනොවුන්ගේ පරම්පරා අනෙකට වඩා උස් වීම පෙනෙන්නට හැම විටම එදා විවාහ වලදී දක්නට ලැබුනා ඒ නිසා අනෙක් පස අපහසුවට පත්කිරීමට යෙදූ උපක්‍රමයක් ලෙසත් මේ තහංචි හදුන්වන්න පුලුවන්.

එදා මංගල අවස්තාවක තහංචි වර්ග කීපයක් දක්නට ලැබුනී. ඒ අතර කඩුලු තහංචිය ,පාවාඩ තහංචිය ,මඩුව තහංචිය ,බුලත් තහංචිය ,පෝරු තහංචිය,කෙණ්ඩි තහංචිය යන ඒවා ප්‍රධානන තැනක් ගනී.මනාලයා හා පිරිස මනාලිය ගේ නිවසේ කඩුල්ල ලගට ගොස් බුලත් දුන් පසු මනාලියගේ පිරිස කඩුල්ල හරස්කොට ඇතුලුවීමට ඉඩනොදී කඩුලු තහංචි පනවනු ලබයි.මේ තහංචි වල විශේෂය වන්නේ.මේවා කවියෙන් තමා සිදුවෙන්නෙ.කවියෙන් තහංචිය පැනවූ පසු මනාලයාගේ පිරිසෙන් තහංචි ඇරීමට පිලිතුරු කවියක් දෙන තෙක් කඩුලු පැනීමට අවසර නැත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka