gossip lanka

"මේ වෙලාවේ වැදගත් මගේ ලැජ්ජාව නෙවෙයි මගේ තාත්තගේ ජීවිතේ " අනුන්ගේ ඇඟ අතපත ගෑ ගැහැනියකගේ කතාවක්!

සල්ලි කියන්නේ මිනිස්සුන්ට අද කාලයේ ජීවත් වෙන්න අත්‍යවශ්‍යම කාරණයක්.

සල්ලි මතින්ම ජීවිතය තීරණය කරන මේ ලෝකයේ මේ වගේ කතා අපේ සමාජයේ දැන් දැන් වෙද්දි හරි සාමාන්‍යයයි.

මම ඇයව රෝෂිණී ලෙස නම් කරන්නම්.

අනුරාධපුරයේ ජීවත් වුණ රෝෂිණී කොළඹ ස්පා එකකට එනකන් ජීවිතය වෙනස් කළේ සල්ලි.

ඇයව හමුවෙන්නේ පිටකෝට්ටේ ආශ්‍රිතව තිබෙන සම්බාහන මධ්‍යස්ථානයකදී.

ඉතාම පියකරු අවුරුදු 32ක් පමණ වයසැති ඇය ඇගේ කතාව පසුකාලයකදි පැවසුවේ මෙන්න මේ විදිහට.

මම ඉපදුණේ හැඳුනේ වැඩුනේ අනුරාධපුරේ.

මම විවාහකයි...මම රැකියාව විදිහට කළේ මගේම වෙළඳසලක් පවත්වාගෙන ගිය එක.

මහත්තයා පෙදරේරු රැකියාව කළේ.

මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.

අපිට එහෙම අඟහිඟකමක් තිබුණේ නැහැ.

මගේ කඩයෙන් මාසයට තිස් හතලිස්දාහ මම හෙව්වා..

ඒ වගේම තමයි සමහර කාලවල්වලදි මම මාසෙට ලක්ෂයක් විතර හෙව්වා මගේ කඩයෙන්.

ඔහොම ටික කාලයක් යද්දි මගේ තාත්තා අසනීප වුණා.

කොච්චර දොස්තරලා ලඟට එක්කගෙන ගියත් එයාව සනීප කරගන්න බැරි වුණා.

කොළඹ එක්කගෙන ආවම කිවුවා එයාගේ අසනීපේ සනීප කරගන්න පුළුවන් හැබැයි මෙච්චර ගානක් යනවා කියලා.

ඒ වෙලාවේ ලඟ තිබුණ හැම සේසතේම තාත්තගේ අසනීපය වෙනුවෙන් වියදම් කරලා තිබුණේ.

ඒ වෙලාවේ මම හිතපු දෙයක් තමයි මගේ ඇඟෙන් කෑල්ලක් ගියත් මම මගේ තාත්තව බේරගන්නවා කියන එක.

එහෙම හිතලා කොළඹ ආවේම මේ වැඩේටමයි.

මොකද මේ වෙලාවේ වැදගත් මගේ ලැජ්ජාව නෙවෙයි මගේ තාත්තගේ ජීවිතේ.

ඒ නිසා මම තීරණය කළා මගේ මිනිහගෙන් ඇරෙන්න වෙන පිට එවුන්ගේ ශරීර සන්තර්පනය කරනවා කියලා.

එහෙම ආව මම නැවතුනේ පිටකෝට්ටේ ස්පා එකක.

හැබැයි ආවා වගේම මම මගේ තාත්තව සනීප කරගත්තා.

ඒ හැමදේකටම සල්ලි හොයාගත්තේ මේ රැකියාවෙන්.

මෙතනට හරි අමුතු අමුතු මිනිස්සු එනවා.

ඒ එන අය එන්නෙම ඇඟ අතගාගන්නම නෙවෙයි.

සෙක්ස් කරන්නත් නෙවෙයි.

සමහරු අපිට කියලා එයාලගේ ඇඟ හප්පවා ගන්නවා,තවත් සමහරු එයාලගේ ඇඟට ගස්සවාගන්නවා.

ඒ වගේ අය ලොකු ලොකු සල්ලි අපිට දීලා යනවා.

හැබැයි මට ස්පා ජීවිතය එපා වුණ තැනක් තියෙනවා.

එදා තමයි මම ගෙදර යන්න ඕනි කියලා තීරණය කළේ.

දවසක් අවුරුදු 15ක වගේ ලස්සන ගැහැණු ළමයෙක් ආවා වැඩට.

මට ඒ දැක්කම එපා වුණා.

මොකද මගේ දරුවෙක් වගේ එකියක් පිට එවුන්ගේ නිර්වස්ත්‍ර ඇඟ අතගානවා දකින්න මට බැරි වුණා.

ඒ නිසා මම ගෙදර එන්න තීරණය කළා.

දැන් මම ගොවිතැන් කරනවා.

පැනි කොමඩු අක්කර 6ක විතර දාලා තියෙනවා.

ඒක තමයි මගේ ජීවිත කතාව.හොඳම දේ මගේ තාත්තා දැන් සුවෙන් ඉන්නවා.
gossip lanka