gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විනිසුරු නැවතත් සමච්චලයට ලක් කළ වනිඳුට ටෙස්ට් තරග දෙකක් තහනම් කරයි

නැවත වතාවක් විනිසුරුවන්ට එරෙහි විනය විරෝධී හැසිරීම නිසා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එළබෙන සිකුරාදා (22දා) ආරම්භ වීමට නියමිත තරග 02කින් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම වනිඳු හසරංගට අයි.සී.සී. විසින් තහනම් කර තිබෙයි.

බංග්ලාදේශයට එරෙහිව පෙරේදා (18දා) පැවැති තෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේදී විනිසුරු තීරණයට විරෝධය දැක්වීම හේතුවෙන් මෙම දඩුවම අත්ව තිබේ.‍

ඔහුගේ පන්දුවක් කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුකරගැනීමට උත්සාහ කළ අවස්ථාවේ විනිසුරු එය ප්‍රතික්සේප කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉල්ලීම අනුව තුන්වන විනිසුරුටද එය යොමු කෙරිණි. නමුත් එහිදීද නොදැවුණ ක්‍රීඩකයෙකු ලෙස නම් කෙරිණී.මෙම තීරණය වනිඳුට කෝපය මතු කලේය.

එම ඕවරයේ හයේ හතරේ පහරවල් සමග වනිදුට පීඩනයක් එල්ල කළ එකක් වීමද ඊට හේතු විය. ඔහු විනිසුරු සමග දුර සිට විවිධ දේ කියවමින් වාද කළේය.

ඔහු විනිසුරු ලබාදුන් තීරණය අප්‍රසාදයට ලක්කර ඔහුගේ තොප්පිය, විනිසුරුවරයාගෙන් උදුරා ගනිමින් විනිසුරුවරයා සමච්චලයට ලක් කළ අතර ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය වන 'අන්තර්ජාතික තරගයකදී විනිසුරුගේ තීරණයට විරෝධය දැක්වීම' යන වගන්තිය කඩ කිරීමක් බව අයි.සී.සී.ය පෙන්වා දෙයි.

අයි.සී.සී. නීති රාමුව අනුව මෙවැනි වරදකට ලබාදෙන සාමාන්‍ය දඬුවම වන්නේ අදාළ ක්‍රීඩකයා ඔහු ක්‍රීඩාකරන ආසන්නම තරග දෙක ක්‍රීඩා කිරීමට වාරණයක් පැනවීම වන අතර වනිඳු ටෙස්ට් තරගාවලියට අදාළ තරග දෙකම මේ අනුව අහිමි විය.

කෙසේ වෙතත් එයට ඔහු නම් නොකර තිබුණානම් බොහෝ දුරට ඔහු අත්‍යවශ්‍යම තරගාවලියක් වන එළඹෙන විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරග දෙක අහිමිවන්නට ඉඩ තිබුණි. එය පවතින්නේ ශ්‍රී ලංකාව සමග බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සමග දකුණු අප්‍රිකාව අතරය.

වනිඳු හසරංග මීට ඉහතත් විනිසුරුවන්ට එරෙහි විනය විරෝධී හැසිරීමක් නිසා දඩුවමට ලක්වූ ක්‍රීඩකයෙකි.
ඔහුට පාදයෙ ආබාධ නිසා පසුගිය ලෝක කුසලානය අහිමිවූ අතර එහිදී ඔහුගේ දායකත්වය අඩුවීම ශ්‍රී ලංකා පිලට දැඩි ලෙස බලපෑවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka