gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මට දරුවන් නොමැතිකම ගැන කිය කියා හිනා වුණා” – ජලනි ප්‍රේමදාස මෙතෙක් නොකී සංවේදී කතාව එළියට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට දියණියක් එක්වී තිබෙන බවට පුවත අපි ඔබ වෙත ගෙනාවා මතක ඇති.

ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට පැමිණි අලුත් අමුත්තියට බොහෝ දෙනෙක් ආදරය කරන බව නොරහසක්.

මේ අතර, ජලනි ප්‍රේමදාස හා කුඩා දියණිය සිටින නවතම සේයාරූ පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හෝ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාව තුළ සිදු කළ පහර දීම් ගැන කලකට ඉහත ජලනි ප්‍රේමදාස මේ විදිහට කරුණු කියා තිබුණා.

‘මම මේ සිදුවීම ගැන පළමු වැනි වතාවටයි මාධ්‍යයකට කතා කරන්නේ, ඒ කියන්නේ ඔබ සමඟයි ප්‍රථම වතාවට මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ. මේ සිදුවීම් ඇති වුණේ පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණ සමයේදීයි. මේ කාලයේදී ඔබ දන්නවා ඇති කිසිම තේරුමක් නැති විචාර මෙන්ම විහිළු සහ සරදම් නිතර සිදුවන බැව්…’

‘මේ අතරවාරයේදී තමයි මෙම කනගාටුදායක සිදුවීමත් සිදුවන්නේ. ඔබ දන්නවා ඇති එකල බොහෝ විරුද්ධ දේශපාලන වේදිකාවලදී මාව විවේචනය කළා. ඒ අයගේ දේශපාලන වාසි තකා. හරිම ශෝචනීය කරුණ තමයි, ඒ පිරිස් විසින් මාව විවේචනය කරමින් කියා සිටියා මට දරුවන් නොමැතිකම ගැන. ඒ විතරක් නෙවෙයි ඒ අය මට මේ ගැන කිය, කියා සිනහ වුණා. මේ තත්ත්වය කෙතරම් අසාධාරණද, නින්දිතද, කනගාටුදායකද?’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka