gossip lanka

කුසල් ජනිත්ට තරගාවලියක් අහිමි වෙයි... ඒ වෙනුවට සංචිතයේ අඩුව පුරවන්නේ කවුද?

මේ කියන්න යන්නේ බංග්ලාදේශ සංචාරයේ නිරත වුණ ශ්‍රී ලංකා පිළේ සාමාජිකයෙකු ගැන ඇහෙන කතාවක්.. 

අසනීප තත්වයකින් පසුවීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට බංග්ලාදේශය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අහිමි වී තිබෙනවා...

ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල සංචිතයට එක් කර ඇති අතර, ඔහු අද දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ..

ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරය අරඹමින් පළමු විස්ස තරගය ලබන සඳුදා මෙරට වේලාවෙන් පස්වරු 5.30 ට සිල්හෙට් හිදී ආරම්භ වනු ඇති...
gossip lanka