gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රසිද්ධ දේශපාලනඥයකුට මේ මාසයේ ලොකු අපලයක් – අසුබ ආරංචියකටත් බොහෝ ඉඩකඩක්!

අපේ රටේ හැමෝම ජ්‍යෝතිශ්‍යය ගැන නිරන්තර අවධානයෙන් සිටිනවා.

ඒ නිසාම මේ කියන්න යන්නේ මාර්තු මාසය ගැන විශේෂ කතාවක්.

බුධ ග්‍රහයා 2024 වසරෙහි මාර්තු 7 වැනිදා පෙ.ව. 9.37ට මීන රාශිය තුළ නීච චලිතයක් ආරම්භ කරන අතර මෙම 2024 මාර්තු 26 වැනිදා පෙ.ව. 3.09 වන තෙක්ම බුධ තම නීච චලිතය පවත්වා ගෙන යයි.

මෙම ග්‍රහ චලිතයට අනුව සිංහ ලග්න ජනරජ කේන්දරයේ ධනස්ථානය සහ අයස්ථානය අධිපති බුධ ග්‍රහයා නීච වීම හේතුවෙන් මාර්තු 7 වැනිදාත් මාර්තු 26 වැනිදාත් අතර කාලසීමාව තුළ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව අසුබ ආරංචි පෙන්නුම් කෙරේ. මීට අමතර ලෙස මෙම ග්‍රහ චලිතයට අනුව මාර්තු 7 වැනිදාත් මාර්තු 26 වැනිදාත් අතර කාලසීමාව තුළ අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍ය වැනි ක්ෂේත්‍ර සම්බන්ධව අසුබ ආරංචිවලට ඉඩකඩ ඇත. විශේෂයෙන් ඉහත කාලසීමාව තුළ කුඩා දරුවන්ට සහ ශිෂ්‍යයන්ට බලගතු අපල පෙන්නුම් කරන බැවින් එම කාලසීමාව තුළ ඔවුන් ආරක්ෂා කරගැනීමට වැඩිහිටියන් කටයුතු කළ යුතුය.

ඉහත කී ආකාරයට බුධ ග්‍රහයා නීචව චලිත වීමට අනුව, මාර්තු 7 වැනිදාත් මාර්තු 26 වැනිදාත් අතර කාලසීමාව තුළ කට කතා ශීඝ්‍ර ලෙස පැතිරෙන්නට ඉඩ ඇති අතර එසේ කට කතා පැතිරවීම නිසා නීතිමය ගැටලු ඇති වීමටද ඉඩ ඇත. මීට අමතර ලෙස මේ ආකාරයට බුධ ග්‍රහයා නීච වන ඉහත කී කාලය තුළ ප්‍රසිද්ධ දේශපාලනඥයකුට හෝ රටම දන්නා වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයකුට සිදුවන බලගතු අපලයක් පෙන්නුම් කෙරේ.

එමෙන්ම බුධ ග්‍රහයා මෙසේ නීච චලිතයක් ආරම්භ කිරීමට අනුව මාර්තු 7 වැනිදා ආශ්‍රිත දිනවල අසනීපයක් පිළිබඳව විශේෂ කතිකාවතක් ඇති වීමට ඉඩකඩ පවතින බව පෙනේ. මීට අමතර ලෙස එකී කාලය තුළ ජාතික තලයේ ජනතා නියෝජිතයෙක් පිළිබඳ අසුබ ආරංචිවලට ඉඩකඩ ඇත.

එමෙන්ම සමස්ත ග්‍රහ ගෝචරයට අනුව 2024 වසරෙහි මාර්තු 7 වැනිදාට පෙර සහ පසු දින කිහිපය තුළ සුළු වශයෙන් හෝ කාලගුණික විපර්යාසවලටද ඉඩ ඇත. මෙම මාර්තු 7 වැනිදා පෙ.ව. 10.47ට සිකුරු ග්‍රහයා මකර රාශියට පිවිසෙයි. මෙම ග්‍රහ චාරයට අනුව මාර්තු 7 වැනිදා ආශ්‍රිතව දින කිහිපය තුළ ආගමික අංශ පිළිබඳ අසුබ ආරංචිවලට ඉඩකඩ ඇත.

මාර්තු 8 වැනිදා රාත්‍රි 8.37ට බුධ සහ නැප්චුන් යන ග්‍රහයන් යුද වදියි. එම ග්‍රහ යුද්ධයෙන් බුධ පරදවා නැප්චුන් ජය ගනියි. මෙම ග්‍රහ යුද්ධයට නැප්චුන් සම්බන්ධ වීම අනුව 2024 වසරෙහි මාර්තු 05 වැනිදාත් මාර්තු 8 වැනිදාත් අතර කාලවකවානුව තුළද ඉන් පසුව එළැඹෙන දින කිහිපය තුළද මුහුද රළු වීමට, සුළි කුණාටු ඇති වීමට, ප්‍රබල භූ කම්පන ඇතිවීමට ඉඩකඩ පවතින බැවින් ධීවරයන් සහ මුහුද ආශ්‍රිතව රැකියාවන් කරන

වෙනත් අය ඉහත කාලවකවානුව තුළ තම ආරක්ෂාව පිළිබඳව වෙනදාටත් වඩා සැලකිලිමත් වීම නුවණට හුරුය. තවද මෙම ග්‍රහ ගෝචරයට අනුව මුහුදේ කාලගුණය ගොඩබිමටද බලපෑ හැකි බැවින් එම කාලය තුළ ගොඩබිමද බලාපොරොත්තු රහිත කාලගුණික විපර්යාසවලට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස මෙම ග්‍රහ ගෝචරයට අනුව මාර්තු 8 වැනිදා ආසන්නයේ හදිසි අනතුරු ශීඝ්‍රලෙස වැඩිවීමකටද ප්‍රසිද්ධ පුද්ගලයකු පිළිබඳව අසුබ ආරංචියකටද, ප්‍රසිද්ධ කලාකරුවකු පිළිබඳව අසුබ ආරංචියකටද ඉඩකඩ ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka