gossip lanka

මකර ලග්න හිමියන්ට යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙන්න පුලුවන්: සිත චංචල වන දවසක් - අද දවස ඔබට කොහොම ද?

22.03.2024 සිකුරාදා
රාහු කාලය
අද -10.44 සිට 12.14 දක්වා

හෙට - 09.13 සිට 10.43 දක්වා

මේෂ
ක්‍රියාකාරකම් බහුල දිනකි. විනෝදජනක ක්‍රියාවන්වල යෙදෙන දුරගමන් සංවිධානයට යොමුවන දිනකි. තම ආයතනයේ වගකීම් ද බහුල වෙයි. ප්‍රිය සාද වැනි ක්‍රියාකාරකම්වල යෙදෙන දිනකි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු වේ.

ශුභ වර්ණය - තද රෝස/ ජය අංකය - 05

වෘෂභ
ගමන් බිමන් අධික වන තම ඥාති මිත්‍රාදින් ඒකරාශිව ක්‍රියාකාරන දිනකි. තරමක් වැයපස ඉහළ යයි. ආගමික වතාවත්වල යෙදෙන තම ඇසුරු කරන්නෝද දනට යොමු කරවන දිනකි. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතු කරයි.

ශුභ වර්ණය - අළු පැහැය/ ජය අංකය - 04

මිථුන
අවිවේකි බවක් ගෙනදෙයි. රාජකාරිය ද සංකීර්ණ වීමෙන් තරමක් මනසට අවිවේකය ඇති කරයි. දුර ගමන් යෙදේ. වන්දනාමාන කටයුතු සංවිධානයට පෙළඹේ. අමතර ලාභද ලබයි. ආමාශගත රෝග මතු කරයි.

ශුභ වර්ණය - ලා නිල්/ ජය අංකය - 03

කටක
අවිවේකි දිනකි. අතපසුවීම් ඇතිවෙයි. වන්දනා ගමන්, විනෝද ගමන් සංවිධානයට හේතුයි. පොදු වැඩවලදී බුද්ධිමත් විය යුතුය. මහජන ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. හදිසි ධන ලාභ ලබයි. ශීර්ෂ රෝග මතු කරයි.

ශුභ වර්ණය - කහ/ ජය අංකය - 02

සිංහ
දහමට ලැදිව ක්‍රියා කරයි. දානමානාදි කුසල කර්මවල යෙදේ. වැයපස ඉහළ යයි. සුහද සිතින් ක්‍රියා කරයි. නවක මිතුදම් ඇති වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. ස්නායු ගත රෝග මතු කරයි.

ශුභ වර්ණය - තැඹිලි/ ජය අංකය - 01

කන්‍යා
ගමන් බිමන් බහුල වේ. වන්දනා ගමන් ආගමික වැඩසටහන්වලට අවතීර්ණව ක්‍රියා කරයි. තරමක් වැයපස ඉහළ යයි. සහන සිතුවිලි ක්‍රියාකරයි. ඥාති මිත්‍රාදින් සමීපව ක්‍රියාකරයි. මුත්‍රා ආසාදන ඇති කරවයි.

ශුභ වර්ණය - කොළ/ ජය අංකය - 06

තුලා
ආගමානුකූල ක්‍රියාවනට මුල්තැන දෙයි. ගමන් බිමන්ද යෙදේ. ඥාාති මිත්‍රාදින් ඒකරාශීව ක්‍රියාකරයි. දුරක වූ ඥාතින් සමීප කරවන ක්‍රියා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. උසස් ගුණ මතු කරයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු වේ.

ශුභ වර්ණය - සුදු/ ජය අංකය - 03

වෘශ්චික
දානශීලාදි ගුණධර්මවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදින් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික උත්සවවලට ද සහභාගි වෙයි. තරමක් මිල මුදල් වැය කෙරේ. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතු වේ.

ශුභ වර්ණය - රතු/ ජය අංකය - 08

ධනු
රාජකාරි බහුලයි. පැවැති බාධා ඉවත් වෙයි. තම අරමුණට බාධා කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදෙන අතර නවක මිතුදම් වර්ධනය වෙයි. දුර ගමන් බිමන්ද යෙදේ. සෙම් ආසාදන රෝග මතු කරයි.

ශුභ වර්ණය - ක්‍රීම්/ ජය අංකය - 01

මකර
ක්‍රියාකාරි දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වීමෙන් සිත් චංචල වෙයි. ප්‍රේම සබඳතා ඇති වෙයි. යටපත්ව තිබූ බැඳීම් ඉස්මතු වෙයි. හදිසි ධන සම්පත් ලාභ ලබයි. කොන්ද අමාරු මතු කරයි.

ශුභ වර්ණය - දුඹුරු/ ජය අංකය - 06

කුම්භ
ගමන් බිමන් බහුල වෙයි. රැකියා ස්ථානවල පැවැති ගැට නිරාකරණය වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් මතු කරයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා මතු කරයි. වැය ඉහළයි. මුත්‍රා ආසාදන මතු කරයි.

ශුභ වර්ණය - නිල්/ ජය අංකය - 09

මීන
අවිවේකි දිනකි. රාජකාරි බහුලයි. ගමන් බිමන්ද යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්වල යෙදෙන අතර දහමට ද අවතීර්ණව ක්‍රියාකරයි. සිත චංචල කරවන ක්‍රියාද යෙදෙන හදිසි ලාභ ලබන දිනකි. අම්ලපිත්ත රෝග, බඩවැල් රෝග මතු කරයි.

ශුභ වර්ණය - දම්/ ජය අංකය - 07
gossip lanka